Responsive image

ලංකා බැංකුව සමගින් ඔබගේ අනාගතය ගොඩනගා ගන්න 

ලංකා බැංකුව සතු 9,000 කට අධික කාර්යමණ්ඩල බලඇණිය, මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ එක් බැංකුවක් සතු ඉහළම මානව ප්‍රාග්ධනයයි. ස්ත්‍රී-පුරුෂ සමාන භාවය, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණයවන පරිදි සම්බන්ධ කර ගත් කාර්යමණ්ඩල සාමාජිකයන් දිරිගැන්වීම ආදී විශිෂ්ට මානව සම්පත් ක්‍රමෝපාය මගින් ලංකා බැංකුව සිය මානව ප්‍රාග්ධනය විවිධාංගීකරණයට ලක් කර ඇත.

අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් සතු දැනුම, කුසලතා සහ ආකල්ප අපගේ ඉලක්ක, දැක්ම සහ අරමුණු මුඳුන්පමුණුවා ගැනීම සඳහා නිබඳව අපගේ ගාමක බලවේගයක් ලෙස කටයුතු කරයි. ස්වභාවික සම්පත්, පරිසරය සහ අපගේ උරුමයන් රැක ගනිමින් අධ්‍යාපනික, සමාජයීය සහ මානව සංවර්ධනය හරහා මෙරට ජාතික සංවර්ධනයට දායකත්වය ලබා දීමට ඔවුන් දක්වන දායකත්වය සුවිශාලය.

ඉතා ඉහළ කාර්යසාධනයක් සහ ඵලදායීතාවක් සහිත සේවක බලඇණියක් පවත්වාගෙන යාම සඳහා අපගේ මානව සම්පත් කණ්ඩායම කටයුතු කරයි. අපගේ සියලු ම කාර්යමණ්ඩල සාමාජිකයන් හට අවස්ථා සලසා දීමට බැංකුව කටයුතු කරන අතර, සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් ඇගයුමට සහ සම්මානයට පාත්‍ර කරමින් ජනතාවට උසස් සේවාවක් ලබා දීම සඳහා ලංකා බැංකුව ඔවුන් නිබඳ දිරිමත් කරයි. අපගේ සේවක බලඇණිය නියමිත ක්‍රමවේදයක් සහිත වෘත්තීය සංවර්ධන සැලසුමක් මගින් ආවරණය කර ඇත. කාර්යමණ්ඩල සාමාජිකයන් වෘත්තීය වශයෙන් ඉහළට ගමන් කරන විට ඔවුන්ට අවශ්‍ය ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට ද, විදේශීය ශාඛාවල හා නියෝජිත ආයතනවල අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ද ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි.

අපි අපගේ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකු ම වෘත්තීය මට්ටමේ සුදුසුකම් ලත් කාර්යමණ්ඩල සාමාජිකයෙකු බවට පත් කිරීමට නිබඳ දිරි දෙමු. පුළුල් පරාසයක විහිදුනු සුබසාධක පහසුකම් රැසක් ද ඔවුන් හට ලබා දෙමින් අපි ඔවුන් දිරිමත් කරන්නෙමු. රැකියා පරිසරය තුළ පමණක් නොව; ඉන් පිටතදී ද කාර්යමණ්ඩල සාමාජිකයන් හට රැකවරණය ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරන අතර, ක්‍රීඩා, කලා, ආගමික සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා ඔවුන් සහභාගී කරවීමට ද අපි නිබඳ කටයුතු කරමු.

අප සමග අත්වැල් බැඳ ගැනීමට ඔබත් කැමතිද?

ඔබ, කාර්යශුර, දැනුමින් පොහොසත් සහ ඉලක්ක ජය ගැනීමේ ආශාවෙන් පෙළෙන්නේ නම් ඔබට අපගේ කණ්ඩායම සමග එක්ව අනාගතය ජය ගත හැකිය. රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අප සතුවන අතර, රාජ්‍ය බැංකුවක් ලෙස දිවයිනේ ඕනෑම සුදුසුකම් ලත් පුද්ගලයෙකුට අයදුම් කළ හැකි වීම සඳහා අපගේ සෑම පුරප්පාඩුවක් ම දැන්වීම් මගින් ප්‍රචාරණය කෙරේ.

අප සොයන විශිෂ්ටයා ඔබ යයි ඔබ සිතන්නේ නම්, ඔබ සොයන විශිෂ්ටයා අප බව ඔබට පසක් කරලීමට අප සූදානම්.

 

රැකියා අවස්ථා සඳහා මෙතැනින් පිවිසෙන්න