Bank of Ceylon
Responsive image

නව සපිරි ණය යෝජනා ක්‍රමය (NCRCS)

අරමුණ/බවභෝග :

  • කුඹුරු අස්වැද්දීම (වාරි සහ වැසි ජල), මිරිස්, ලූනු (රතු ලූනු, ලොකු ලූනු), මාෂ බෝග (කව්පි, මුං, කළු කව්පි, සෝයා, බඩ ඉරිඟු, කුරක්කන්), බීජ තෙල් (රටකජු, තල, සූරියකාන්ත), අල සහ බතල (අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල), එළවලු (බෝංචි, වම්බටු, බණ්ඩක්කා, රතු අල, ගෝවා, කැරට්, කැප්සිකම්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝ-කෝල්, වැටකොළු, කරවිල, පතෝල, වට්ටක්කා) සහ ඉඟුරු වගා කිරීම සඳහා

ණය ලබා ගත හැකි පිරිස :

  • වගා කරන භූමි ප්‍රමාණය (අක්කර)
වගාව  අවම  උපරිම
 කුඹුරු 1/4 10
බඩ ඉරිඟු 1/8 10
මිරිස්, ලූනු, අල, එළවලු  1/8 02
මාෂබෝග, තෙල් බීජ, අල සහ ආකන්ද 1/8 05
ඉඟුරු 1/4 02

 

 

 

 

 

         

       

                                 

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ලංකා බැංකුවේ පාරිභෝගිකයෙකු වීම
  • මීට පෙර ණය ගෙවීම් පැහැර හැර නොමැති තැනැත්තෙකු වීම
  • එම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම
  • බැංකුව විසින් ඉල්ලා සිටින ලියකියවිලි සම්පාදනය කළ හැකි වීම
  • වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයෙකු වීම. (වයස අවුරුදු 55ට වැඩි නම්, එම පවුලේම වයස අවුරුදු 18 ට වැඩි තැනැත්තෙකුට සම ණය ගැනුම්කරුවෙකු ලෙස ඉදිරිපත් විය හැකිය)

ණය මුදල :

  • අනුමත ලැයිස්තුගත ණය සීමාව නොඉක්මවිය යුතුය

පොළී අනුපාතය  :

  • ණය ගැනුම්කරුගෙන් වාර්ෂිකව 7%

නැවත පියවීමේ කාල සීමාව :

  • දින 270

ක්‍රියාත්මක ප්‍රදේශය :

  • දිවයින පුරා

*කොන්දේසි සහිතයි

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)
වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.


ප්‍රධාන කළමනාකාර,
සංවර්ධන බැංකුකරණ අංශය,
25වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01
දු.ක. 011 220 5013 / 011 220 5037 / 011220 5003
ෆැක්ස් 011 2445805