Bank of Ceylon

"කප්රුක" - පොල් සංවර්ධන ණය යෝජනා ක්‍රමය

අරමුණ :

  • පොල් නිෂ්පාදන සහ පොල් වතුවල ඵලදායීතාව වැඩිදියුණු කිරීම
  • පොල් වතු හිමියන්ගේ ආදායම් සහ ජීවන මට්ටම ඉහළ නැංවීම
  • රැකියා අවස්ථා උත්පාදනය

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ව්‍යාපෘතියේ සමස්ත පිරිවැයෙන් 20% ක ප්‍රමාණයක් හිමිකාරීත්ව දායකත්වය ලෙස දැරීමේ හැකියාව
  • මීට පෙර ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම
  • බැංකුව ඉල්ලා සිටින ලියකියවිලි සම්පාදනය කිරීමේ හැකියාව
  • සංවර්ධනය කිරීමට අපේක්ෂිත භූමියේ හිමිකාරීත්වය හෝ සින්නක්කර අයිතිය දැරීම (ඉඩම් ප්‍රමාණය එක් වතු හිමියෙකු සඳහා - අවමය අක්කර 1/2 සහ උපරිමය අක්කර 50)

 

ඇප:

  • අදාළ ඉඩම ඇප වශයෙන් තැබිය යුතුය
  • අදාළ රක්ෂණ හිමිකම් පැවරුම
  • හිමිකම් ඔප්පු තැන්පතුව
  • ඇප කරුවන් දෙදෙනෙකු හෝ බැංකුව පිළි ගන්නා වෙනත් ඕනෑම සුරැකුමක්

 

ණය සීමාව :

උපරිම වශයෙන් රු. මිලියන 2

 

පොළී අනුපාතය :

වාර්ෂිකව 9%

 

යළි පියවීමේ කාල සීමාව :

මාස 60 (මාස 12 ක සහන කාලය ද ඇතුළුව)

බලපැවැත්වෙන ප්‍රදේශ : දිවයින පුරා

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805