Bank of Ceylon

දරිද්‍රතාව අඩු කිරීමේ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපෘතිය - ආවර්ත අරමුදල් ණය යෝජනා ක්‍රමය

 

අරමුණ :

  • අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුමක්/සමූහ ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යාම
  • අඩු ආදායම්ලාභී ඛාණ්ඩයට ඇතුළත් විය යුතුය
  • ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම
  • මීට පෙර ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම

 

ණය සීමාව : උපරිම වශයෙන් රු. 50,000

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 10%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 3 දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශ :

  • කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805