Bank of Ceylon
Responsive image

දරිද්‍රතාව අඩු කිරීමේ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපෘතිය - PAMP II - ආවර්ත අරමුදල් ණය යෝජනා ක්‍රමය

 

අරමුණ :

  • ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශයේ දුගී ජනතාවගේ ආදායම් සහ සමාජ තත්ත්වයන් වැඩිදියුණු කිරීම
  • ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා ණය ලබා දෙමින් සැමගේ සහභාගීත්වය සහිත විධිමත් මුල්‍ය සේවාවක් පුළුල් කිරීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් ;

  • PAMP II අරමුදල් ණය යෝජනා ක්‍රමයේ අරමුණු සඳහා බැංකුව විසින් ගොඩනගන ලද අඩු ආදායම්ලාභීන්ගේ ඛාණ්ඩයේ සාමාජිකයෙකු වීම
  • සාමාන්‍ය ඉතුරුම්/සමූහ ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යාම
  • ණය සඳහා ඉල්ලුම් කිරීමට පෙර සතිපතා ඉතුරුම් සිදු කිරීම, කණ්ඩායම් සක්‍රියකරණ වැඩසටහන් සහ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම්වල නියැලීම
  • අඩු ආදායම්ලාභී ඛාණ්ඩයේ කුඩා කණ්ඩායමක සාමාජිකයෙකු වීම
  • ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම
  • කිසිඳු මුල්‍ය ආයතනයක ණය ගෙවීම් පැහැර හැර නොතිබීම

 

ණය සීමාව :

  • පළමු ණය - රු. 100,000
  • දෙවන ණය- රු. 150,000
  • තෙවන ණය - රු. 200,000

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 10%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 3ක් දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශ :

  • අම්පාර, අනුරාධපුරය, බදුල්ල, යාපනය, කිලිනොච්චි, මන්නාරම, මොනරාගල, මුලතිවු, පොළොන්නරුව, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය, වවුනියාව

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805