Bank of Ceylon

"භාග්‍යා"- වියළි කලාපයේ ජීවනෝපාය සහයෝගී හවුල් වැඩසටහන

අරමුණ :

  • ස්වයං රැකියාවල නිරත වන්නන් හට මුල්‍යමය සහයෝගය ලබා දීම සහ ග්‍රාමීය මට්ටමේ කුඩා කණ්ඩායම් සාමාජිකයන් සඳහා කුඩා පරිමාණ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා සහයෝගය ලබා දීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • CSL DLSPP සමග "භාග්‍යා" ප්‍රජා සංවර්ධන ණය යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වී සිටින කුඩා කණ්ඩායමක සාමාජිකයෙකු වීම
  • පහත දැක්වෙන කාල සීමාවන් තුළ කුඩා කණ්ඩායම් සාමාජිකත්වය දැරීම
  • ස්වයං රැකියා ණය සඳහා මාස 03
  • කුඩා පරිමාණ ආදායම් උත්පාදන සක්‍රියකරණ සඳහා මාස 06
  • ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම
  • බැංකුව සහ ව්‍යාපෘති කාර්යාලය විසින් අනුමත ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කිරීම

 

ණය සීමාව :

  • ස්වයං රැකියා සඳහා උපරිම වශයෙන් රු. 50,000
  • කුඩා පරිමාණ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා උපරිම වශයෙන් රු. 200,000

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 10%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 4ක් දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශ :

  • අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල තෝරා ගත් සහකාර ලේකම් කොට්ඨාස

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805