Bank of Ceylon

"දියවර දිරිය - II " - ධීවර සංවර්ධන ණය යෝජනා ක්‍රමය

 

අරමුණ :

  • ධීවර අංශය දිරිගන්වමින් රටේ සමස්ත මාළු නිෂ්පාදනය වැඩිදියුණු කිරීම
  • භාවිතයට නොගත් මත්ස්‍ය මූලාශ්‍ර හඳුනා ගැනීම සඳහා ධීවර ජනතාව දිරිමත් කිරීම
  • පසු අස්වනු අලාභයන් අවම කිරීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ධීවර කර්මාන්තයේ නියැලී පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් හෝ ලියාපදිංචි සමාගමක් වීම
  • කිසිඳු මුල්‍ය ආයතනයක ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම
  • බැංකුවට පිළිගත හැකි ව්‍යාපාරික සැලසුමක් තිබීම
  • ව්‍යාපෘතිය ලාභදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ කළමනාකරණ කුසලතාවන්ගෙන් යුතු වීම
  • ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ධීවර බෝට්ටුවක හෝ මෙහෙයුම් බලපත්‍රයක හිමිකරුවෙකු වීම
  • MOFARD, DRAR හෝ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) නිර්දේශ ලිපියක් ඉදිරිපත් කිරීමේ හැකියාව

 

ණය සීමාව :

  • අවම වශයෙන් රු. 100,000 ක් ද උපරිම වශයෙන් රු. මිලියන 10

 

පොළී අනුපාත :

  • රු. මිලියන 2 දක්වා වාර්ෂිකව 6%
  • රු. මිලියන 2ට වැඩි - වාර්ෂිකව 8%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 3 සිට 6 දක්වා සහන කාලය ද ඇතුළුව මාස 36 සිට 60 දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශය :

  • දිවයින පුරා

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805