Bank of Ceylon

දිවිනැගුම වැඩසටහන යටතේ විශේෂ ධීවර ණය යෝජනා ක්‍රමය

 

අරමුණ :

  • කරවල, උම්බලකඩ, ජාඩි සහ පසු අස්වනු ධීවර ක්‍රියාකාරකම් වැනි ගොඩතර ධීවර කටයුතුවන නිරතවන අවධානයට ලක් විය යුතු ධිවර ප්‍රජාව සඳහා සහයෝගය ලබා දීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ සහ පුහුණු කරන ලද පුද්ගලයෙකු වීම

 

ණය සීමාව :

  • උපරිම වශයෙන් රු. 10,000

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 4%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 3ක අමතර සහන කාලය ද ඇතුළුව මාස 24

 

බලපැවැත්වෙන ප්‍රදේශ ;

  • කොළඹ, මහවැව, කළුතර, ගාල්ල, පුත්තලම, තංගල්ල, මීගමුව, මාතර, කල්මුනෙයි, මඩකලපුව, මන්නාරම, කිලිනොච්චි, මුලතිවු, යාපනය, ත්‍රීකුණාමලය

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805