Bank of Ceylon

"සෞභාග්‍යා" - සමෘද්ධි ණය යෝජනා ක්‍රමය

 

අරමුණ :

  • කෘෂිකාර්මික, පශු සහ ධීවර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම්වලට අමතරව සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය පහසුකම් ලබා දීම
  • ඊට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කරුවන්ට (C5 සිට C11 ශ්‍රේණි දක්වා) මෙම ණය යෝජනා ක්‍රමය යටතේ යන්ත්‍රෝපකරණ සහ වෙනත් උපාංග මිලදී ගත හැකිය

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම
  • ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම
  • ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැයෙන් අවම වශයෙන් 25% ක් හිමිකාරීත්ව දායකත්වය වශයෙන් දැරිය හැකි වීම
  • ධනාත්මක මුල්‍ය සංසරණයක් සහ යළි ණය පියවීමේ හැකියාවෙන් බැංකුව තෘප්තිමත් කළ හැකි වීම
  • බැංකුව ඉල්ලා සිටින ලියකියවිලි සම්පාදනය කළ හැකි වීම

 

පොළී අනුපාත :

  • ණය ප්‍රමාණය අනුව ප්‍රමාණවත් තරම් සුරැකුම් ඇප වශයෙන් තැබිය යුතුය
  • දේපළ ඇපයට තැබිය යුතුය (75% FSV)
  • ගිනි, සොර රක්ෂණාවරණය

 

ණය සීමාව :

  • සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායේ ප්‍රමාණය/ ඛාණ්ඩය අනුව උපරිම වශයෙන් රු. මිලියන 25
  • ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා උපරිම වශයෙන් රු. මිලියන 5

 

පොළී අනුපාත : වාර්ෂිකව 8%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 6ක සහන කාලය ද ඇතුළුව මාස 60 දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශය :

  • දිවයින පුරා

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805