Bank of Ceylon

කුඩා සහ සුළු කර්මාන්ත නායකත්ව සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන ව්‍යාපෘතිය II - (SMILE III RF)

 

අරමුණ :

  • සාමාන්‍ය ණය
  • තාක්ෂණ සම්ප්‍රේෂණ ණය

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • තනි පුද්ගල, හවුල්, සීමිත වගකීම් සමාගම්, සමුපකාර සමිති සහ වෙනත් ඕනෑම පුද්ගලික ව්‍යාපාරයක්
  • සමස්ත ව්‍යාපෘති පිරිවැය රු. මිලියන 15 නොඉක්මවිය යුතුය
  • අවම වශයෙන් 25% ක් හිමිකාරීත්ව දායකත්වය ලෙස දැරිය හැකි විය යුතුය

 

ණය සීමාව :

  • සාමාන්‍ය ණය උපරිම වශයෙන් රු. මිලියන 5
  • තාක්ෂණ සම්ප්‍රේෂණ සහකාර ණය යෝජනා ක්‍රමය උපරිම වශයෙන් රු. මිලියන 2.5

 

පොළී අනුපාතය :

  • සාමාන්‍ය ණය සඳහා වාර්ෂිකව 8%
  • තාක්ෂණ සම්ප්‍රේෂණ ණය යෝජනා ක්‍රමය සඳහා වාර්ෂිකව 5%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 3 සිට මාස 24 දක්වා සහන කාලය ද ඇතුළුව වසර 3 සිට 10 දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශය :

  • ග්‍රාමීය ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව දෙනු ලැබේ

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01