Bank of Ceylon

කාන්තා රන් දිය ණය යෝජනා ක්‍රමය

අරමුණ :

  • ව්‍යවසායිකාවන් අතර සුළු හා කුඩා පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම, ව්‍යවසාය සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. ආහාර පිරිසැකසුම්, පාන වර්ග, ඇඟලුම්, වානේ නිෂ්පාදන, ඉදිකිරීම් අමුද්‍රව්‍ය, රබර් නිෂ්පාදන, දැව සහ දැව නිෂ්පාදන, හම් සහ ඊට සමාන නිෂ්පාදන, මුද්‍රණ සහ කරදාසි නිෂ්පාදන, රසායන සහ රසායනික නිෂ්පාදන, කෘෂි ක්ෂේත්‍ර, සේවා, සන්නිවේදන සහ සත්ත්ව පාලනය/උද්‍යාන වගාව/ සුරතල් මත්ස්‍ය කර්මාන්ත මේ සඳහා ඇතුළත්වන අනු අංශ වේ.

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • වයස අවුරුදු 18ට වැඩි කාන්තාවක වීම
  • ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වීම
  • ණය ලබා දීම පැහැර හැර නොමැති තැනැත්තියක වීම
  • බැංකුව තෘප්තිමත් කළ හැකි යළි පියවීමේ හැකියාව
  • අදාළ ක්ෂේත්‍රය තුළ කුසලතාවෙන්, අත්දැකීමෙන් සහ පුහුණුවෙන් යුතු වීම
  • අවම වශයෙන් ව්‍යාපෘතියේ සමස්ත පිරිවැයෙන් 25% ක් හිමිකාරීත්ව දායකත්වය වශයෙන් දැරිය හැකි වීම

 

ණය සීමාව :

  • අවම වශයෙන් රු. 50,000 ක් ද උපරිම වශයෙන් රු. 500,000

 

 පොළී අනුපාතය :

  • වාර්ෂිකව 10%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 3-5 (උපරිම වශයෙන් මාස 12ක් දක්වා සහන කාලය ද ඇතුළුව)

 

බලපැවැත්වෙන ප්‍රදේශය :

  • දිවයින පුරා

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01