Bank of Ceylon

කුඩා වතු හිමියන් සඳහාවන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (SPEnDP)

අරමුණ :

  • එක්-එක් ව්‍යාපෘති කාර්යාලය විසින් අනුමත කරන ලද ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් හරහා අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් ණය පහසුකම් සැලසීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • හදබිම සහ මහවැලි ජනපද යෝජනා ක්‍රමවලට අයත් වීම හෝ මොනරාගල අතරමැදි කලාපයේ අඩු ආදායම්ලාභියෙකු වීම
  • දරිද්‍රතා මට්ටමට අඩු අවදානයට ලක් විය යුතු කණ්ඩායම් සාමාජිකයෙකු වීම
  • ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම
  • මෙම යෝජනා ක්‍රමය යටතේ ම වෙනත් ආයතනයක ණය ලාභියෙකු නොවීම
  • ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැයෙන් අවම වශයෙන් 20% ක ප්‍රමාණයක් හිමිකාරීත්ව දායකත්වය ලෙස දැරිය හැකි වීම
  • බැංකුව ඉල්ලා සිටින ලියකියවිලි සම්පාදනය කළ හැකි වීම

 

  • අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ව්‍යාපෘතිය අනුමත කළ යුතුය
  • ව්‍යාපෘතිය තාක්ෂණික වශයෙන් යතාර්ථවාදී වීම සහ වාණිජ වශයෙන් ජීව ගුණයෙන් යුතු වීම මෙන්ම අඛණ්ඩ වෙළඳපල තහවුරුව

 

ණය සීමාව :

  • ජනපද ගොවීන් - උපරිම වශයෙන් රු. 250,000
  • බිම් මට්ටමේ ආයතන - උපරිම වශයෙන් රු. මිලියන 2
  • කර්මාන්තශාලා සහ පිරිසැකසුම් මධ්‍යස්ථාන - උපරිම වශයෙන් රු. මිලියන 7.5

 

පොළී අනුපාත :

  • වාර්ෂිකව 9%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 12ක සහන කාලය ද ඇතුළුව වසර 5ක් දක්වා

 

බලපැවැත්වෙන ප්‍රදේශ :

  • මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවල තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805