Bank of Ceylon

ස්වයං රැකියා ප්‍රවර්ධන ණය යෝජනා ක්‍රමය - SEPI

අරමුණ :

  • ශ්‍රී ලංකාවේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබූ පුහුණු තරුණ-තරුණියන් හට ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මුල්‍යමය සහයෝගය ලබා දීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ජාතික වෘත්තීය සුදුසුකම් වැඩසටහනක් හෝ වෙනත් ඕනෑම කුසලතා සංවර්ධන වැඩසටහනක් සහ වෘත්තීය හා තාක්ෂණ පුහුණු අමාත්‍යංශය යටතේ ලියාපදිංචි පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක ව්‍යවසායකත්ව පාඨමාලාවක් හෝ සාර්ථකව සම්පූර්ණ කර තිබීම
  • යෝජිත ව්‍යාපාර සඳහා ගැළපෙන ස්ථානයක් තිබීම
  • බැංකුවට පිළිගත හැකි මූලික ව්‍යාපාරික සැලසුමක් ඉදිරිපත් කිරීම
  • ණය ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම

 

ණය සීමාව :

  • උපරිම වශයෙන් රු. 500,000

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 9%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 8ක අමතර සහන කාලය ද ඇතුළුව වසර 4

 

බලපැවැත්වෙන ප්‍රදේශය ;

  • දිවයින පුරා

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01