Bank of Ceylon

ත්‍රීරෝද රථ මිලදී ගැනීම සඳහා ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය

අරමුණ :

  • නව ත්‍රීරෝද රථයක් මිලදී ගනිමින් ස්වයං රැකියා ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථාව හිමිකර දීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • වලංගු රියදුරු බලපත්‍රයක් සතු වීම
  • මීට පෙර ණය ලබා ගෙන ඇත්නම් එවැනි අවස්ථාවලදී නියමිත පරිදි ණය පියවා තිබීම
  • ණය ගෙවීම් පැහැර හැර නොතිබීම
  • අවශ්‍ය හිමිකාරීත්ව දායකත්ව මුදල දැරිය හැකි වීම
  • දායක සභා සාමාජිකයෙකු නම්, අදාළ පන්සලේ විහාරාධිපති ස්වාමින්වහන්සේගෙන් ඒ බැව් සනාථ කර ලිපියක් ලබා දිය යුතුය

 

ණය සීමාව :

  • ගැනුම් මිලෙන් 50%-70% අතර ප්‍රමාණයක් සහ බලපත්‍ර සහ රක්ෂණ ගාස්තු

 

පොළී අනුපාත :

  • වාර්ෂිකව 10%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 3 (සහන කාලයක් හිමි නොවේ)

 

බලපැවැත්වෙන ප්‍රදේශ :

දිවයින පුරා

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01