Bank of Ceylon

උතුරු පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් පුනරාරම්භනය සඳහාවන විශේෂ ණය යෝජනා ක්‍රමය - "උතුරු වසන්තය - අදියර II"

අරමුණ :

  • උතුරු පළාතේ කෘෂිකර්මාන්තය, පශු, ධීවර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, වෙළඳ සහ වෙනත් ස්වයං රැකියා ආදී ක්ෂේත්‍රයන්හි ආර්ථික ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීම සඳහා ණය පහසුකම් ලබා දීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • උතුරු පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු වීම
  • ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැයෙන් අවම වශයෙන් 10% ක ප්‍රමාණයක් හිමිකාරීත්ව දායකත්වය වශයෙන් දැරිය හැකි වීම
  • පිළිගත හැකි ව්‍යාපෘති වාර්තාවක් බැංකුවට ඉදිරිපත් කිරීම සහ යළි මුදල් පියවීමේ හැකියාව
  • බැංකුවට පිළිගත හැකි අදාළ ලියකියවිලි සම්පාදනය කළ හැකි වීම
  • ණය ගෙවීම් පැහැර හැරි පුද්ගලයෙකු නොවීම

 

ණය සීමාව :

  • උපරිම වශයෙන් රු. 200,000

 

පොළී අනුපාතය :

  • වාර්ෂිකව 9%

 

යළි පියවීමේ කාල සීමාව :

  • වසර 5ක් දක්වා (මාස 6ක අමතර සහන කාලය ද ඇතුළුව)

 

බලපැවැත්වෙන ප්‍රදේශය:

  • යාපනය, කිලිනොච්චි, මුලතිවු, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805