Bank of Ceylon

"ලංකා බැංකුවේ දිවිමග" ණය යෝජනා ක්‍රමය - ඒකාබද්ධ ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමය

අරමුණ :

  • ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම
  • ස්වයං රැකියා ක්ෂේත්‍රය සඳහා සහයෝගය ලබා දීම
  • ග්‍රාමීය සම්පත්වලින් ප්‍රයෝජන ගැනීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ක්‍රමවත් ආදායමක් ලබන, බැංකුව ඉල්ලා සිටින ලියකියවිලි සම්පාදනය කළ හැකි පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක්
  • බැංකුවට පිළිගත හැකි ව්‍යාපෘති වාර්තාවක් සැපයිය හැකි වීම සහ යළි මුදල් පියවීමේ හැකියාව
  • ණය ගෙවීම පැහැර හැර නොමැති පුද්ගලයෙකු වීම

 

ණය සීමාව :

  • උපරිම වශයෙන් රු. 500,000

 

පොළී අනුපාත :

  • ණය ගැනුම්කරුගෙන් වාර්ෂිකව 10%

 

යළි පියවීමේ කාල සීමාව :

  • මාස 60 (මාස 6ක අමතර සහන කාලය ද ඇතුළුව)

 

බලපැවැත්වෙන ප්‍රදේශය :

  • දිවයින පුරා

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805