Bank of Ceylon

මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක්‍රමය (CSDDLS)

 

අරමුණ :

  • රටේ කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම
  • අවම වශයෙන් කිරි දෙනුන් 25 දෙනෙකුගෙන් යුතු මහා පරිමාණ ගොවිපළ ස්ථාපනය කිරීම
  • මහා පරිමාණ කිරි නිෂ්පාදන ක්‍රියාකාරකම් සහ කිරි සැපයුම් දාමය සඳහා අනුබලය ලබා දීම

 

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්:

  • ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වීම
  • ක්ෂේත්‍රය පිළිබඳ දැනුම/අත්දැකීම් සහිත තනි හිමිකාරීත්ව, හවුල්, සීමිත වගකීම් සමාගම්, සමුපකාර සමිති සහ වෙනත් පුද්ගලික හිමිකාරීත්ව ව්‍යාපාර ආදී ඕනෑම ව්‍යාපාරික ක්‍රමවේදයක් හෝ පුද්ගලයන්

 

ණය ලබා ගත හැකි අවශ්‍යතාවන් :

  • කිරි දෙනුන් මිලදී ගැනීම
  • ගව මඩු ඉදි කිරීම/ නියමිත ප්‍රමිතියට අනුව ඉදි කිරීම
  • පෝෂ තෘණ වගා කිරීම
  • ගොවිපළ සංවර්ධනය/ගොවිපළ පුළුල් කිරීම/ නව ගොවිපළ ස්ථාපනය කිරීම
  • ජීව වායු ඒකක ඉදි කිරීම
  • කිරි ආශ්‍රිත කෘෂි මෙවලම් මිලදී ගැනීම
  • ප්‍රවාහනය/ කිරි ගබඩා කිරීම/ කිරි නිෂ්පාදනය
  • දියර කිරි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා නවෝත්පාදන ක්‍රියාකාරකම්

 

ණය සීමාව :

උපරිම වශයෙන් රු. මිලියන 25

 

පොළී අනුපාතය :

වාර්ෂිකව 6%

 

යළි පියවීමේ කාල සීමාව :

මාස 60 (මාස 12 ක අතිරේක සහන කාලය ද ඇතුළුව)

 

*කොන්දේසි සහිතයි

මෙම පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ වගන්තියක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා හමු වන්න. නැතිනම් 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

 

කළමනාකාර,

සංවර්ධන බැංකු අංශය,

25වන මහල, ප්‍රධාන කාර්යාලය,

ලංකා බැංකුව,

අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,

කොළඹ 01

දු:ක: 011 220 5013 / 011 220 5037 / 011220 5003

ෆැක්ස් : 011 2445805