Bank of Ceylon

භාණ්ඩාගාර ණය උපකරණ සහ සේවා 

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර
භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර යනු ඉතා ඉහළ ද්‍රවශීලතාවක් සහිත ආයෝජන වේ.

  • භාණ්ඩාගාර බිල්පත්

    මාස 3, 6 සහ 12 යන කල්පිරීම් සහිත ආයෝජන

භාණ්ඩාගාර බිල්පත් අනුපාතික සඳහා මෙතනින් පිවිසෙන්න

භාණ්ඩාගාර බිල්පත් අයදුම්පත්‍රය සඳහා මෙතැනින් පිවිසෙන්න

Cick here to download - Treasury bill application for Company / Society / Association.

 

සංක්‍රමණික ශ්‍රම බලකාය සඳහා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර

සංක්‍රමණික ශ්‍රම බලකායට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර/ශ්‍රී ලංකාව සංස්ථාපිත සමාගම්වල හිම්කරු ප්‍රාග්ධනය/ ශ්‍රී ලංකාවේ ඒකකභාරයේ ඒකක සඳහා ආයෝජනය කිරීමට ලංකා බැංකුවේ සුරැකුම්පත් ආයෝජන ගිණුමක් (SIA) ආරම්භ කළ හැකිය.

 

ප්‍රතිමිලදී ගැනුම් ගිව්සුම් (Repo)
ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුමක් යනු, පසු දිනෙකදී සුරැකුම්පත් මිලදී ගැනීම සඳහා බැංකුව සමග ගිවිසුමකට එළඹෙමින් සුරැකුම්පත් අලෙවි කිරීමයි. විකුණුම්කරු වගකීම පැහැර හැරියහොත් ගැනුම්කරු ඉන් ආරක්ෂා කිරීම සඳහා ගැනුම්කරු හට සුරැකුම්පත් හිමිවන බැවින් මෙය සුරක්ෂිත ණයක් හා සමාන වේ. රු. මිලියන 5 ට වැඩි අගයන්ප්‍, විශේෂයෙන් කෙටි සහ මැදිකාලීන ලෙස ප්‍රතිමිලදී ගැනීම් යටතේ ආයෝජනය කළ හැකිය.

 

ප්‍රති විකුණුම් ගිවිසුම් (Reverse Repo)
ඔබගේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මුදල් බවට පත් කිරීම. සංස්ථා සහ අරමුදල් කලමනාකරවරුන් හට මෙය ඉතා යෝග්‍ය ණය උපකරණයකි.

 

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB)
ඇමරිකානු ඩොලර් ණය නිකුතුව නිකුත් කෙරෙන අවස්ථාවේදී හෝ ඒ සඳහා ආයෝජනය කිරීමට හෝ අප හරහා මිලදී ගැනීමට හෝ ඔබට පුළුවන.

 

ස්වෛරීත්ව බැඳුම්කර
ශ්‍රී ලංකා ස්වෛරීතව බැඳුම්කර වසර 5 හෝ 10 ක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන අතර ඉන් උත්පාදනය කරනු ලබන අරමුදල් මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනේ. ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන් සහ සමාගම් සඳහා සාමාන්‍යයෙන් මෙම ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ආයෝජනය කළ නොහැකිය.

 

කල් පිරීමට පෙර භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා වට්ටම්
භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනය කරන ලද මුදල් ඒවා කල් පිරීමට පෙර ලබා ගැනීමේදී පෙර සකස් කරන ලද වෙළඳපල අනුපාතික බලපැවැත්වේ.


ඉදිරි විනිමය ගිවිසුම්
අනාගත නියම කරගත් දිනයකදී නිශ්චිත විදේශ මුදලක් තීරණය කර ගත් විනිමය අනුපාතයකට මිළදී ගැනීමට හෝ විකිණීමට ගණුදෙනුකරු සමග එකඟවන ගිවිසුමකි. මෙවැනි සිදුවන පාඩු වලක්වා ගැනීම් සඳහා ඉදිරි විනිමය ගිවිසුමකින් අනාගත විදේශ විනිමය අනුපාතය වර්තමානයේ දී ම තීරණය කිරීමට ඉදිරි විනිමය ගිවිසුමකින් කළ හැකි වේ.

 

විදේශ විනිමය ගනුදෙනු
රටට ගලා එන සහ රටින් පිටතට ඇදී යන විනිමය ප්‍රේෂණ, සංචාර සඳහා නිකුත් කරනු ලබන සංචාරක චෙක්පත් සහ විදේශ විනිමය, ගිණුම් අතර සිදුවන ගනුදෙනු, බාහිර වෙළඳ ගනුදෙනු නිරාකරණය ආදිය නිතර දක්නට ලැබෙන පාරිභෝගික විදේශ විනිමය ගනුදෙනු වේ.

 

ව්‍යුහගත ණය උපාංග
ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට ඔබින ණය ක්‍රම සහ අවදානම් කළමනාකරණ විසඳුම්. ඉදිරි අවදානම් සඳහා පවතින හොඳම අනුපාතික.

විකල්ප
ඔබගේ විදේශ විනිමය අවදානමින් මුදවා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක්. මෙමගින්, ගිවිසුමේ ගැනුම්කරු හට බැඳීමක් නොව; හිමිකමක් ලබා දේ. ඉදිරි විනිමය ගිවිසුම් සඳහා ගැනුම්කරුට බැඳීමක් හිමිවන විකල්ප ක්‍රමවේදයක්.