Bank of Ceylon

ණය පහසුකම්

 
වෙළඳ මුල්‍යයන පහසුකම් (නැව්ගත කිරීමට පෙර සහ පසු)
 
කාර්ය ප්‍රාග්ධනය සපුරාලීම සඳහා පහත දැක්වෙන අවශ්‍යතාවන් සපුරාලීමට පහසුකම් සැලසේ  
  • ණයවර ලිපි පහසුකම
  • බිල්පත් බාර් ගැනීමේ පහසුකම
  • උකස් ණය පහසුකම
  • ආනයන බිල්පත් මුදා ගැනීම සඳහා ණය පහසුකම් 

දිගුකාලීන පහසුකම්

කාලීන ණය

සිය දිගුකාලීන මුල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ව්‍යාපාරිකයන හට මෙය ඉතා ඵලදායී මුල්‍යමය විකල්පයකි,
  • නව, පුළුල් කෙරෙන සහ නවීකරණය කෙරෙන ව්‍යාපෘති මෙන්ම කාර්ය ප්‍රාග්ධනය සඳහා ද වැයවන ස්ථිර පිරිවැය සඳහා ඒ-ඒ අවශ්‍යතාවට ගැළපෙන පරිදි සකස් කරන ලද පැකේජ සහ නැවත මුදල් පියවීම සඳහා පහසු කොන්දේසි හා රෙගුලාසි සමගින් මුල්‍යමය සේවාවන් සැපයේ. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, මෙවලම්, යාන වාහන ආදිය ස්ථිර පිරිවැය යටතට ගැනේ. 
  • තරගකාරී පොළී අනුපාත, ස්ථිර වාරික සඳහා මාසික, කාර්තු, අර්ධ වාර්ෂික, "බැලුන් හෝ උණ්ඩ ක්‍රමයට" යළි මුදල් ගෙවීමේ පහසුකම සහ අමතර ව්‍යුහගත ණය පැකේජ ද පිරිනැමේ.
  • ශේෂය අවම කිරීම හෝ ව්‍යාපාරයේ මුල්‍ය ගලනයේ ස්වභාවයට සරිලන වාරික මගින් මුදල් පියවීමේ පහසුකම තවත් සුවිශේෂී අංගයකි.

අවශ්‍ය ආරක්ෂණ ලියකියවිලි සම්පූර්ණ කෙරෙන තෙක් තාවකාලික නියමයක් ලෙස අතුරු මුල්‍ය ණය පිරිනැමේ. මෙම පහසුකම් ලබා දීමේදී සාමාන්‍යයෙන් නිශ්චල සහ චංචල දේපළ ඇප වශයෙන් සැලකේ 

සම්මේල ණය

මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මුල්‍ය පහසුකම් පිරිනැමෙනුයේ බැංකු සමූහයක් තුළිනි. එනම්, එක් ව්‍යාපෘතියක් සඳහා අරමුදල් ලබා දීම සඳහා බැංකු කිහිපයක් දායක වෙයි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සමස්ත ණය මුදල එක් බැංකුවකට තනිව ලබා දිය නොහැකි විටෙක සාමාන්‍යයෙන් සම්මේල ණය පිළිබඳ සලකා බැලේ.