Bank of Ceylon

අපනයන 

  • අපනයන බිල්පත් ගැනුම්
  • අපනයන බිල්පත් එකතු කිරීම්
  • බිල්පත් වට්ටම්
  • ණයවර ලිපි දැනුම් දීම
  • ණයවර ලිපි මාරු කිරීම
  • ණයවර ලිපි තහවුරු කිරීම
  • බිල්පත් ගනුදෙනු සිදු කිරීම
  • ඉදිරි විනිමය ගිවිසුම
  • තත්ත්ව වාර්තා ලබා දීම
  • උපදේශන සේවා
  • බදු ප්‍රතිදාන කටයුතු පාලනය 

අපනයන බිල්පත් මිලදී ගැනීම

ඔබගේ ගැනුම්කරුවන් ණයවර ලිපිය යටතේ මුදල් හුවමාරු සිදු කිරීමට අකමැති නම් පහත දැක්වෙන එකතු කිරීම් ක්‍රමවේද යටතේ එම ගනුදෙනු සිදු කර ගැනීමට ඔබට හැකිය.

ගෙවීම් කළ පසුව ලියකියවිලි බාර දීම (D/P)

පිළිගැනීමෙන් පසුව ලියකියවිලි බාර දීම (D/A)

එකතුකිරීම් සිදුකළ යුතු අපනයන බිල්පත් ආවරණ ලිපිය බාගත කර ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න

E පෝරමය 2 බාගත කර ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න

අපනයන බිල්පත් එකතු කිරීම

ලියකියවිලි ණයවර ලිපියක් යටතේ සකස් කර ඇත්නම් සහ එම ලියකියවිලි ණයවර ලිපියේ නියමයන් සහ කොන්දේසිවලට අනුකූල නොවේ නම්, එකතු කිරීමේ/අනුමැති පදනම මත බිල්පත තමන්ට යොමු කරන ලෙසත්, ණයවර ලිපිය නිකුත් කර ඇති බැංකුවේ ලදුපතට අනුව සිය මුදල් බැර කරන ලෙසත් ප්‍රතිලාභියාට බැංකුවෙන් ඉල්ලා සිටිය හැකිය.

ණයවර ලිපියක් යටතේ සකස් කර නොමැති ලියකියවිලි ද අපනයකරුගේ හෝ අණකරුගේ ඉල්ලීම මත එකතු කිරීම් සඳහා යොමු කෙරේ.

  • අපගේ විශේෂඥ කණ්ඩායම අපගේ අනුරූප බැංකු හරහා එවැනි ලියකියවිලි ඔබගේ ගැනුම්කරු වෙත කඩිනමින් යොමු කිරීමටත්, ඔබගේ ගාස්තු ඔබට හිමිවන තුරු අඛණ්ඩව පසු විපරම් කටයුතු සිදු කිරීමටත් කටයුතු කරයි.

එකතුකිරීම් සිදුකළ යුතු අපනයන බිල්පත් ආවරණ ලිපිය බාගත කර ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න

E පෝරමය 2 බාගත කර ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න

බිල්පත් වට්ටම්

සිය විකුණුම් කොන්ත්‍රාත්තුවට අනුව අපනයනකරුවන් හෝ විකුණුම්කරුවන් සිය භාණ්ඩ අලෙවියෙන් පසු දින 30, දින 60 හෝ දින 90 වැනි ණය ක්‍රමවලට අනුව භාණ්ඩ අලෙවි කිරීමට එකඟ විය හැකිය. එවැනි අවස්ථාවකදී, එකඟ වී ඇති කාලසීමාව දක්වා ඔබගේ අපනයන ගෙවීම් ප්‍රමාද වේ. ඔබගේ මුල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙවැනි භාවිත බිල්පත් සඳහා වට්ටම් ලබා දිය හැකිය.

ණයවර ලිපි යටතේ අපනයන බිල්පත් ආවරණ ලිපිය බාගත කර ගැනීම සඳහා මෙතැනින පිවිසෙන්න.

E පෝරම 2 බාගත කිරීම සඳහා මෙතනින් පිවිසෙන්න

  • අනුමත සීමා පහසුකමක් 
  • ගනුදෙනුවෙන් ගනුවෙනුවට පදනම මත 

අපි එවැනි බිල්පත් සඳහා වට්ටම් ලබා දෙන්නෙමු

ඔබගේ ගෙවීම් ඔබට හිමිවන තුරු අපගේ විශේෂඥ කණ්ඩායම අඛණ්ඩව පසු විපරම් කරයි.

ණයවර ලිපි දැනුම්දීම සහ සංශෝධන සිදු කිරීම

විදේශීය හෝ දේශීය බැංකුවකින් ලැබෙන ණයවර ලිපිවල සත්‍යතාව සහතික කෙරෙන අතර ප්‍රතිලාභීන් හට ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කෙරේ.

  • ණයවර ලිපිය නිකුත් කළ බැංකුවෙන් ලදුපත ලද වහාම ඔබට ඒ පිළිබඳ දැනුම්දීමට අපි කටයුතු කරමු.
  • ප්‍රතිලාභියා ලංකා බැංකු ගිණුම් හිමියෙකු නොවේ නම්, ප්‍රතිලාභියාගේ බැංකුව හරහා ඒ පිළිබඳ දැනුම් දීමට අපි පහසුකම් සලසන්නෙමු.
  • ණයවර ලිපිය ඔබගේ විකුණුම් කොන්ත්‍රාත්තුවට අනුකූල නොවේ නම්, ණයවර ලිපිය නිකුත් කළ බැංකුව හරහා අදාළ සංශෝධන සිදු කර ගැනීමට අපි මැදිහත් වන්නෙමු.
  • සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව ණයවර ලිපියේ සත්‍යතාව සහතික කර ඒ පිළිබඳ අදාළ ප්‍රතිලාභියා හට දැනුම් දෙනු ලැබේ.

ලංකා බැංකුව සතුව ලොව ප්‍රමුඛ පෙළේ බැංකු 1,000 කට අධික සංඛ්‍යාවක් සමග සබඳතා පවතින බැවින් සිය ණයවර ලිපි ලංකා බැංකුව හරහා යොමු කරන ලෙස සිය බැංකුවට දැනුම්දීමට ගැනුම්කරුවන් හට අනුබල දීමට ඔබට හැකිය. එමගින් ඔබට යම් පිරිවැයක් සහ කාලයක් ඉතිරි කර ගත හැකිය.

ණයවර ලිපි යොමු කිරීම

පළමු ප්‍රතිලාභියාගේ ඉල්ලීම මත, යොමු කළ හැකි ණයවර ලිපි දෙවැනි ප්‍රතිලාභියෙකුට යොමු කරවා ගත හැකිය. පළමු ප්‍රතිලාභියාට ණයවර ලිපිය ප්‍රකාරව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති විටෙක, ගැනුම්කරුට ඇති වගකීම් සම්පූර්ණ කිරීම සඳහා දෙවැනි ප්‍රතිලාභියෙකුට එම ණයවර ලිපිය යොමු කිරීමට මෙමගින් පහසුකම් සැලසේ.

අපගේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මත එවැනි ණයවර ලිපි යොමු කිරීම මගින් අපි ගැනුම්කරුවන් සමග බාධාවකින් තොරව සිය ව්‍යාපාරික කටයුතු සිදුකර ගැනීමට ඔවුන් හට අවස්ථාව සලසා දෙන්නෙමු.

ණයවර ලිපි යොමු කිරීමේ ක්‍රමය මත, තමන් විසින්ම අපනයන සිදු කිරීමෙන් තොරව සිය ඉන්වොයිසි සහ මුදල්පත්වල ආදේශ ණයවර ලිපිය නිකුත් කරන බැංකුවට ලබා දීම මගින් මුදල් ලබාගැනීමට ප්‍රතිලාභියාට හැකිය.

දෙවන ප්‍රතිලාභියෙකුට ණයවර ලිපි යොමු කිරීමේදී පහත දැක්වෙන ඕනෑම හෝ සියලුම සාධක අවම කිරීමට හෝ කෙටි කිරීමට හෝ හැකිය.

  • ණය ප්‍රමාණය 
  • ණයවර ලිපියේ සඳහන් ඒකක මිල 
  • කල්ඉකුත්වීමේ දිනය
  • නැව්ගත කිරීමේ ආසන්නම දිනය හෝ නැව්ගත කිරීම සඳහා දී ඇති කාල සීමාව 
  • ලියකියවිලි ලබා දීම සඳහා දී ඇති කාල සීමාව 

ණයවර ලිපිය මගින් නියම කර ඇති අගය සඳහා රක්ෂණාවරණය ලබා දීම සඳහා රක්ෂණය වෙනුවෙන් අය කෙරෙන ප්‍රතිශතය වැඩි විය හැකිය.

ණයවර ලිපිය සඳහා තහවුරුවක් එක් කිරීම

ණයවර ලිපිය නිකුත් කළ බැංකුව හෝ ආනයනකරුගේ රට හෝ එම කරුණු දෙකම හෝ පිළිබඳ ප්‍රතිලාභියා/අපනයනකරු සෑහීමකට පත් නොවන්නේ නම් වෙනත් රටක හෝ තමන්ගේ රටේ බැංකුවක ණයක් සඳහා තහවුරුවක් එකතු කරන ලෙස ප්‍රතිලාභියාට ඉල්ලා සිටිය හැකිය.

ණයවර ලිපිය සඳහා තහවුරුවක් එක් කරන ලෙස ප්‍රතිලාභියා ඉල්ලා සිටින විටෙකදී, එම බැංකුව ණයවර ලිපිය යටතේ ගෙවීම් සඳහා තහවුරුවක් එක් කරයි.

මෙම තහවුරුව ප්‍රතිලාභියාගේ නියත සහ නෛතික වගකීම් සියල්ල දරයි.

තහවුරු කරන ලද ණයවර ලිපියක් බැංකු දෙකෙහි ගෙවීම් සඳහාවන සහතිකයකි.

එය ගෙවීම් කටයුතුවලදී ඇතිවන අවදානම් තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා අපනයනකරුට හිමිවන අමතර සහතිකයකි.

ගෝලීය බැංකු සහ අප අතර ඇති සවිමත් සබඳතාව නිසාම බොහෝ විදේශීය බැංකු විසින් නිකුත් කර ඇති ණයවර ලිපි තහවුරු කිරීමේ හැකියාව අප සතුය.

බිල්පත් ගනුදෙනු

පාරිභෝගිකයෙකු ණයවර ලිපියක් යටතේ සකස් කරන ලද ලියකියවිලි අප වෙත යොමු කළ පසු අපගේ විශේෂඥයන් විසින් එම ලියකියවිලිවල කිසියම් විෂමතාවක් ඇතිද යන්න නොමිලේ පරික්ෂා කර බලා ඒවා මුදල් ප්‍රතිපූරණය සඳහා ණයවර ලිපිය නිකුත් කළ බැංකුවට ඉදිරිපත් කරයි.

අපගේ වේගවත් සහ කාර්යක්ෂම සේවාව මගින් ඔබගේ ලියකියවිලිවලට අදාළ ගනුදෙනු සිදු කිරීමටත්, කඩිනමින් එම මුදල් ඔබගේ ගිණුමට බැර කිරීමටත් අපි කටයුතු කරමු.

ණයවර ලිපියේ ගනුදෙනු සිදු වූ වහාම වේගවත් ලිපි බාර දීමේ සේවාව හරහා එම ණයවර ලිපිය නිකුත් කළ බැංකුවට එම ලියකියවිලි යොමු කිරීමට ද අපි කටයුතු කරමු.

ලියකියවිලි ණයවර ලිපියේ නියමයන්ට සහ කොන්දේසිවලට අනුකූල නොවේ නම්, ණයවර ලිපිය නිකුත් කළ බැංකුවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමටත් එම ලියකියවිලිවලට අදාළ ගනුදෙනු සිදු කිරීමටත් පහසුකම් සැලසේ.

ඔබගේ ගෙවීම් ඔබට හිමිවන තුරු අපනයන බිල්පත් පිළිබඳ පසු විපරම් කිරීම ද සිදු වේ.

බිල්පත් ගනුදෙනු සිදු කරන වේලාවේදී නියෝජිතයන්/ගිවිසුම්කරුවන් හට කොමිස් මුදල් ලබා දීම සඳහා පහසුකම් සැලසේ.

ඉදිරි විනිමය ගිවිසුම්

ඉදිරි විදේශ විනිමය ගිවිසුම් අහිතකර විනිමය අනුපාත විචලනයන්ගෙන් අපනයනකරුවන් ආරක්ෂා කරයි. ලංකා බැංකුව ඔබගේ අවශ්‍යතාවන්ට ඔබින පරිදි විශේෂඥ උපදෙස් සහ ගිවිසුම් පිරිනමයි.

තත්ත්ව වාර්තා ලබා ගැනීම

ඔබ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු සිදු කරන විට, වෙළඳ ගිවිසුමකට එළඹීමට පෙර පාරිභෝගිකයා පිළිබඳ මනා අවබෝධයක් ඔබ සතුව තිබිය යුතුය. අපගේ හවුල්කාර බැංකු ජාලය හරහා ඔබගේ ගැනුම්කරු පිළිබඳ තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමට අප කටයුතු කරන අතර එමගින් ඔබගේ වෙළඳ හවුල්කරුට ලබා දෙන ණය සීමාවේ වටිනාකම පිළිබඳ ඔබට තක්සේරුවක් ලබා ගත හැකිය. ස්වාධීන ණය නියෝජිත ආයතන හරහා ද ගැනුම්කරුවන්ගේ වාර්තා ලබා ගැනීමට අපි පහසුකම් සලසන්නෙමු.

උපදේශන සේවා

වෙළඳ ගිවිසුමකට එළඹීමට පෙර ඔබට ලංකා බැංකුවේ උපදේශන සේවාවන් ලබා ගත හැකිය. ගැනුම්කරුගේ රටේ අවදානම, ආරම්භක බැංකුවේ අවදානම, ගනුදෙනු කිරීමේදී අවදානම් අවමවන පරිදි ණයවර ලිපි සකස් කිරීම ආදිය පිළිබඳ අපගේ විශේෂඥ උපදෙස් ලබා ගත හැකිය.

බදු ප්‍රතිදාන කටයුතු පාලනය

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ක්‍රමවේදයට අනුව අපනයනකරුවන්ගේ තීරු බදු ප්‍රතිපූරණය සඳහා පහසුකම් සැලසේ.