Bank of Ceylon

බැංකු ඇප

ගනුදෙනුකරුවන් පූර්ණ මුල්‍ය ආවරණයක් ලබා දීමට නොහැකි තත්ත්වයකට පත් වූ විට තුන්වැනි පාර්ශ්ව සඳහා පහසුකම් සැපයීම බැංකු ඇප මගින් සිදු වේ. කිසියම් මුල්‍ය ගනුදෙනුවක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ විට බැංකු ඇප මුදල් වෙනුවට ආදේශයක් ලෙස ක්‍රියා කරමින් ප්‍රතිලාභියා හට කඩිනම් මුල්‍යමය පිළියමක් සලසා දෙයි.

දේශීය ඇප පහත දැක්වෙන ආකාරයන්ගෙන් පිරිනැමේ

  • ණයට ගැනුම් ඇප
  • ටෙන්ඩර් ඇප (ලංසු බැඳුම්කර)
  • කාර්යසාධන ඇප (කාර්යසාධන බැඳුම්කර)
  • අත්තිකාරම ගෙවීම් ඇප (ආපසු ගෙවීමේ බැඳුම්කර)
  • රැඳවුම් ඇප (රඳවා ගන්නා මුදල් බැඳුම්කර)
  • සුරැකුම් බැඳුම්කර
  • ආනයන සඳහා තීරුබදු ඇප (තීරුබදු බැඳුම්කර)

 

ජාත්‍යන්තර ඇප පහත දැක්වෙන ආකාරයන්ගෙන් පිරිනැමේ

  • ලංසු බැඳුම්කර
  • කාර්යසාධන බැඳුම්කර
  • අත්තිකාරම ගෙවීම් බැඳුම්කර

 

සිය පාරිභෝගිකයන්ගේ තුන්වැනි පාර්ශ්ව සඳහා පහසුකම් සලසමින් ඇප නිකුත් කිරීම සඳහා ලංකා බැංකුව ජාත්‍යන්තර මුල්‍ය ආයතන සඳහා ද ඇප නිකුත් කරයි. (ප්‍රති ඇප)