Bank of Ceylon

වෙනත් සේවා

 

කොටස් වෙළඳාම සඳහා මධ්‍යම තැන්පතු ක්‍රමය

ලංකා බැංකුව කොළඹ කොටස් වෙළඳපලේ මධ්‍යම තැන්පතු ක්‍රමයට (CDS) ඇතුළත් බැංකු හතරෙන් එකකි. පහත දැක්වෙන කොටස් තැරව්කාර ආයතන ලංකා බැංකුව හරහා සිය ගෙවීම් සිදු කරයි.

  • Lanka Securities (Pvt) Ltd.
  • First Guardian Equities (Pvt) Ltd.

 

චෙක්පත් සහ අණකර නිෂ්කාශනය කිරීම

සිය සේවාලාභීන්ගෙන් ලැබෙන චෙක්පත් මුදල් බවට පත්කර ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉහත සේවාව භාවිතා කළ හැකිය. නියමිත කාල ක්‍රමයකට අනුව චෙක්පත් නිෂ්කාශනය කෙරේ.

 

කඩිනමින් චෙක්පත් උපලබ්ධි කිරීම

ලංකා බැංකුවේ අන්තර්ජාල ශාඛාවකින් නිකුත් කරන ලද සහ අන්තර්ජාල ශාඛාවන් 305න් ඕනෑම ශාඛාවක තැන්පත් කරන ලද චෙක්පත් එම දිනයේදීම උපලබ්ධි කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ප.ව. 1.30 ට පෙර ද, වෙනත් දිස්ත්‍රික්ක තුළ මධ්‍යහ්න 12ට පෙර ද ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක තැන්පත් කරන ලද වෙනත් බැංකුවකින් නිකුත් කරන ලද CITS නිෂ්කාශන පද්ධතිය මගින් ආවරණය කෙරුණු චෙක්පතක් ඊළඟ සේවා දිනයේදී උපලබ්ධි කෙරේ.

පහත දැක්වෙන අවස්ථා වලදී චෙක්පත් උපලබ්ධි කෙරෙන්නේ නැත.

  • අසම්පූර්ණ චෙක්පත්/ අසම්පූර්ණ චෙක්පත් තැන්පතුපත්
  • ගිණුම්වල අවශ්‍ය තරම් අරමුදල් නොමැති වීම
  • නියමිත කාලයට පසුව චෙක්පත් තැන්පත් කිරීම
  • ගෙවීම් සිදු කරන බැංකුව අමතර කාලයක් ඉල්ලා සිටීම
  • වෙනත් ඕනෑම තාක්ෂණික හෝ ස්වභාවික බාධාවකදී

 

(විදෙස් චෙක්පත් සහ විදෙස් ණයවර මෙම ගිවිසුම මගින් ආවරණය නොකෙරේ)

 

ඉහත දක්වා ඇති කාලය තුළ ඔබගේ චෙක්පත්වල ගෙවීම් සිදු නොවූයේ නම් කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවට ඒ පිළිබඳ දැනුම් දෙන්න.

 

CITS -චෙක්පත් මූර්තන ලෝපකරණ පද්ධතිය (Lanka Clear ආයතනය මගින් ක්‍රියාත්මක කරන)

 

චෙක්පත් මුදල් බවට පත් කිරීම

කිසියම් බලයලත් පුද්ගලයෙකු හට වෙනත් ප්‍රදේශයක බැංකු ශාඛාවකින් සිය පුද්ගලික අනන්‍යතාව තහවුරු කර චෙක්පතක් මුදල් කරවා දිය හැකිය.

 

මහාපරිමාණ මුදල් එකතු කිරීමේ සහ මුදල් ප්‍රවාහනය කිරීමේ පහසුකම්

ඔබගේ සමාගමේදී ම ඔබගේ මුදල් එකතු කර ගැනීමට අප කටයුතු කරන බැවින් බාධාවකින් තොරව මුදල් හැසිරවීමට ඔබට හැකිය. එම දිනය තුළදී ම එම මුදල් ඔබගේ ගිණුමට බැර කෙරේ.

 

ලංකා බැංකුවේ i-net පහසුකම

පාරිභෝගිකයන් හට අන්තර්ජාලය ඔස්සේ සිය ජංගම ගිණුම් මෙහෙයුම් කටයුතු දැක ගත හැකිය.

 

අරමුදල් කළමනාකරණය

අතිරික්ත මුදල් ජංගම ගිණුමකින් විශේෂිත ඇමතුම් තැන්පතු ගිණුමක් වෙත හෝ විශේෂිත ඇමතුම් තැන්පතු ගිණුමකින් ජංගම ගිණුමක් වෙත හෝ යොමු කිරීමේ පහසුකම ලංකා බැංකුව ඔබ වෙත සලසා දී ඇති අතර එමගින් ඔබට අතිරික්ත අරමුදල් මගින් ආදායමක් උපයා ගත හැකිය.