Bank of Ceylon

අක් වෙරළ බැංකුකරණය

 

1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 17(2) යටතේ ලියාපදිංචි වී සිටින ගනුදෙනුකරුවන් හට ණය පහසුකම් ලබා දීමට කටයුතු කෙරේ. මේ යටතේ පිරිනැමෙන මුල්‍ය පහසුකම් වර්ග පහත දැක්වේ.

අක් වෙරළ බැංකුකරණ අංශය පහත දැක්වෙන පිරිස් සඳහා සේවා සපයයි.

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපාර
  • අනේවාසික සමාගම්/පුද්ගලයන්
  • විදෙස් මුදල් බැංකුකරණ ඒකක/ විනිමය ව්‍යාපාර
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නේවාසික සමාගම්

 

පහත දැක්වෙන ඕනෑම විදෙස් මුදල් ඒකක මගින් පාරිභෝගිකයන් හට පහසුකම් ලබා ගත හැකිය.

  • එක්සත් ජනපද ඩොලර්
  • ස්ටර්ලිං පවුම්
  • යුරෝ
  • ජපාන යෙන්
  • ඕස්ට්‍රේලියන් ඩොලර්
  • සිංගප්පූරු ඩොලර්
  • කැනේඩියානු ඩොලර්
  • හොංකොං ඩොලර්

 

පාරිභෝගිකයන්ට හිමිවන ප්‍රතිලාභ

  • සාමාන්‍ය විනිමය පාලන නියාමනයන්ගෙන් නිදහස් වීම
  • අපනයන බදු ප්‍රතිලාභ
  • තීරුබදුවලින් නිදහස් වීම
  • දේශීය මුදල් ඒකකය සමග සැසඳීමේදී අඩු ණය පොළී අනුපාත
  • විනිමය අනුපාතික විචලනය වීම ආයෝජකයාට බලපාන්නේ නැත

 

අපගේ සේවාවන්

  • ඉල්ලුම්, ඇමතුම් සහ කාලීන තැන්පතු ගිණුම්
  • සේවාලාභීන් වෙනුවෙන් අභ්‍යන්තර සහ බාහිර ප්‍රේෂණ
  • නොස්ට්‍රෝ ගිණුම් සංසන්දනය
  • ශාඛාවන්වල සියලුම NRFC/RFC ඒකක අරමුදල් පාලනය
  • ආයෝජන සහ අරමුදල් කළමනාකරණය

ආනයන සහ අපනයන සඳහා මුල්‍ය පහසුකම්

  • ණය තක්සේරුව සහ අනුමැතිය
  • සම්මේල ණය පිළියෙළ කිරීම
  • විවිධ මුල්‍ය මෙවලම්/උපකරණ හරහා දිගු කාලීන අක් වෙරළ ණය ලබා දීම
  • විදේශීය ශාඛා සඳහා ප්‍රාග්ධනය සම්පාදනය
  • අපගේ විදෙස් ශාඛා සඳහා සෘජු ණය ලබා දීම