Bank of Ceylon

තැන්පතු

ඉල්ලුම් තැන්පතු

ඇ.ඩො.5000 ක් හෝ වෙනත් නියමිත මුදල් ඒකකයකින් එම අගයට සමාන අගයක් ඉල්ලුම් තැන්පතු ගිණුමක් සඳහා මූලික තැන්පතුවක් ලෙස පිළි ගැනේ. චෙක් පොත් නිකුත් නොකරන බැවින් ගෙවීම් ලිඛිත උපදෙස් මාලාවකට අනුව සිදු කෙරේ.

 

කාලීන තැන්පතු

ඇ.ඩො.5000ක් හෝ වෙනත් නියමිත මුදල් ඒකකයකින් එම අගයට සමාන අගයකින් ගිණුමක් ආරම්භ කළ හැකිය. සත් දින ඇමතුම්, මාස 3, මාස 6 හෝ මාස 12 ලෙස තැන්පතු සිදු කළ හැකිය. කාලීන තැන්පතු සඳහා දැනට පවත්නා ජාත්‍යන්තර වෙළඳපොල අනුපාතිකවලට අනුව ආකර්ෂණීය පොළී අනුපාත හිමි වේ.

 

අභ්‍යන්තර සහ බාහිර ප්‍රේෂණ

  • බාහිර ප්‍රේෂණ විනිමය පාලන නියාමනයන්ගෙන් නිදහස් කර ගත හැකිය.
  • මුල්‍යයන සහ උපදේශන සේවා
  • වෙළඳ මුල්‍යයන, අරමුදල් සම්ප්‍රේෂණය සහ ණය යන අක් වෙරළ බැංකුකරණ ක්‍රියාකාරකම් පිළිබඳ උපදෙස් අවශ්‍ය පාරිභෝගිකයන් හට එම එක් එක් අංශවල විශේෂඥ දැනුම සහිත නිලධාරීන් විසින් උපදෙස් ලබා දෙනු ලැබේ.

 

අක් වෙරළ බැංකු ගිණුමක් ලබා ගන්නේ කෙසේද?

අක් වෙරළ බැංකු ගිණුමක් ආරම්භ කිරීම ඉතා පහසුය. එම ගිණුම් සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා බෙහෙවින් සම්මත වූ අවශ්‍යතාවන් වේ.

 

පහත දැක්වෙන පිරිස් සඳහා ජංගම ගිණුමක් ආරම්භ කළ හැකිය

  • විදෙස් රටක ලියාපදිංචි සමාගමක්
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක්
  • අවශ්‍ය ලියකියවිලි
  • තනි පුද්ගලයන්
  • විනිමය පාලකවරයාගේ අනුමැතිය යටතේ වෙනත් අනුමත ආයතන

 

වැඩිදුර විස්තර සඳහා අමතන්න

ජ්‍යෙෂ්ඨ කළමනාකාර - ගිණුම් සහ පරිපාලන

011-2346551

විද්‍යුත් තැපැල් : smosh@boc.lk