Bank of Ceylon
Responsive image

අනේවාසික විදේශ මුදල් ගිණුම (NRFC)

දහසක් දුක් විඳ උපයා ගත් මුදල් ලංකා බැංකුවේ NRFC ගිණුමකට තැන්පත් කර උපරිම විශ්වසනීයබව සමග අසමසම ප්‍රතිලාභ අත්විඳින්න.

ගිණුමක් ආරම්භ කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්   

  • a) වලංගු රැකියා වීසා බලපත්‍රයක් යටතේ විදෙස්ගතව රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික පුරවැසියන්

    b) ශ්‍රී ලංකාවට පැමිණීමට දින 90 කට පෙර කාලසීමාව තුළ වලංගු රැකියා වීසා බලපත්‍රයක් යටතේ විදෙස් රැකියාවක නිරත වූ ශ‍්‍රී ලාංකික පුරවැසියන්

    c) විදේශ ගමන් බලපත්‍රයක්, වලංගු රැකියා වීසා බලපත්‍රයක් සහ සේවානියුක්ති කොන්ත්‍රාත්තුවක් සහිත මෙරට පුරවැසියන් හට විදේශගත වීමට පෙර NRFC ගිණුමක් ආරම්භ කළ හැකිය.

    d) ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත විදෙස් රටවල පුරවැසිභාවය හිමි විදෙස් රටවල පදිංචි පුද්ගලයන්

    e) සංක්‍රමණික ආවෘත ගිණුම් (MBA) ආරම්භ කර ඇති සංක්‍රමණිකයන්

    f) වෙනත් බැංකුවල පවතින යොමු කරන ලද NRFC ගිණුම්වල අරමුදල් භාවිතා කර තවත් NRFC ගිණුමක් ආරම්භ කළ හැකිය. මුදල් ඒකකය අදාළ නොවේ.

    g) ළමා NRFC ගිණුම් (රන් කැකුළු NRFC ගිණුම) දරුවාට වයස අවුරුදු 18 ඉක්මවූ පසු NRFC ගිණුමක් බවට පත් කළ හැකිය.

පසුව අරමුදල් ප්‍රේෂණය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට මූලික තැන්පතුවක් නොමැතිව වුව ද NRFC ගිණුමක් ආරම්භ කළ හැකිය. *

අප ඔබට පිරිනමන ප්‍රතිලාභ

  • ඔබගේ ආයෝජනය වෙනුවෙන් 100% ක විශ්වාසය

  • පහත දැක්වෙන මුදල් ඒකක මගින් ගිණුම් ආරම්භ කිරීමටත්, මුදල් හුවමාරු සිදු කිරීමටත් ඇති හැකියාව
ඇමරිකානු ඩොලර් USD USD යුරෝ EUR EUR
ඕස්ට්‍රේලියානු ඩොලර් AUD AUD ජපාන යෙන් JPY JPY
සිංගප්පූරු ඩොලර් SGD SGD ස්ටර්ලිං පවුම් GBP GBP
කැනේඩියානු ඩොලර් CAD CAD චීන රෙන්මින්බි CNY CNY
නවසීලන්ත ඩොලර් NZD NZD ස්විස් ෆ්‍රෑන්ක් CHF CHF
  • ආකර්ෂණීය පොළී අනුපාත
  • NRFC ගිණුම මගින් ඔබට හිමිවන පොළිය ආදායම් බදු සහ NRFC ගිණුමේ විදේශීය මුදල් වෙනුවෙන් ඔබ ගෙවන පොළියෙන් නිදහස් වේ.
  • හදිසි අනතුරකදී රු. මිලියනයක් දක්වා* ජීවිත රක්ෂණාවරණයක්
  • විදෙස්ගත වීමකදී සිදු විය හැකි ගමන් මලු නැති වීම් සඳහා රු.50,000 ක් දක්වා රක්ෂණාවරණයක්*
  • ස්වයං රැකියාවල නිරත වන්නන් හට රු. 300,000 දක්වා ණය පහසුකම්*
  • 5% ක පොළියට රු. 300,000 දක්වා "ලංකා බැංකුවේ සරණි" නිවාස ණය පහසුකම්*
  • මුදල් ලබා ගැනීමේදී සහ ආවෘත ප්‍රේෂණ සඳහා කොමිස් මුදලක් අය නොකෙරේ
  • ලොව පුරා ඕනෑම ස්ථානයකදී මුදල් ලබා ගැනීමටත්, ඔබ මිලදී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා ගෙවීම් සිදු කිරීමටත් හැකි හර කාඩ්පතක්
  • ඔබ ශ්‍රී ලංකාවට පැමිණි පසුව වුව ද ගිණුම පවත්වාගෙන යා හැකිය
  • ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඉහළ විනිමය අනුපාතිකයක්
  • ශ්‍රී ලංකාවේ විශාලත ම අන්තර්ජාල බැංකුකරණ ජාලය හරහා අන්තර්ජාල බැංකුකරණ සේවාවන්

*(කොන්දේසි සහිතයි)

අපට අවශ්‍ය ලියකියවිලි

  • විදේශ ගමන් බලපත්‍රයේ ඔබගේ පුද්ගලික තොරතුරු සහ ඡායාරූපය අඩංගු පිටුවල ඡායා පිටපතක්
  • වලංගු රැකියා වීසා බලපත්‍රයේ පිටපතක්
  • සම්පූර්ණ කරන ලද මැන්ඩේට් පත්‍රය
  • මෙරට පුරවැසියෙකු නොවේ නම්, ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති බවට තහවුරු කළ හැකි ලේඛනගත සාක්ෂ්‍ය ඉදිරිපත් කළ යුතුය