Bank of Ceylon
Responsive image

 

විදේශීය ශාඛා
චෙන්නායි ශාඛාව 
ඉහළම පොළිය 
රාජ්‍ය බැංකුවක 100%ක සුරක්ෂිතතාව 
ජාත්‍යන්තර මට්ටමේ පාරිභෝගික සේවාව 
 
වෘත්තීය සහ ආචාරශීලි පාරිභෝගික සේවාව සමගින් පරිපූර්ණ බැංකුකරණ පහසුකම් 
ඉල්ලුම් තැන්පතු 
තැන්පතු ගිණුම් 
 
සේවා ලබා ගත හැකි පුද්ගලයන් :
ඉන්දීය පුරවැසියන් 
ඉන්දියාවෙන් බැහැරව රැකියා කටයුතු/ ව්‍යාපාරික හෝ වෙනත් වෘත්තීය කටයුතුවල නියැලෙන ඉන්දීය පුරවැසියන් 
විදෙස් පුරවැසියන් 
ඉන්දීය සම්භවයක් ඇති ඉන්දියාවේ පදිංචිව නොසිටින විදෙස් පුරවැසියන්ට ද ඉන්දියාවේ පදිංචිව නොසිටින ඉන්දීය පුරවැසියන්ට හිමිවන සේවාවන්වලට නොදෙවෙනි සේවාවක් හිමි වේ.
 
තැන්පතු ගිණුම් වර්ග 
NRE බැංකු ඉතුරුම් ගිණුම් :
මෙම ගිණුමේ ප්‍රේෂණ විදේශීය මුදලකින් තැන්පත් කළ යුතුය. එම අගයම ඉන්දීය රුපියල් බවට පරිවර්තනය කෙරෙනු ඇත. ගිණුමක් ආරම්භ කරන අවස්ථාවේදී තැන්පත්කරුට චෙක් පොතක් නිකුත් කරනු ලැබේ. ඉන්දීය සංචිත බැංකුව (RBI) විසින් අනුමත කරනු ලබන පොළී අනුපාත මෙම ගිණුමට අදාළ වේ. මෙම ගිණුමේ අරමුදල් වෙනත් NRE ගිණුමකට හෝ වෙනත් NRE ගිණුමක අරමුදල් මෙම ගිණුමට හෝ සම්ප්‍රේෂණය කළ හැකිය. මෙවැනි ගිණුම්වල ශේෂය නැවත සිය රටට යොමු කළ හැකිය.
 
NRE කාලීන තැන්පතු :
මෙය, විදේශ මුදල් ඒකකයකින් තැන්පතු ප්‍රේෂණය කළ යුතු ස්ථාවර තැන්පතු ගිණුමකි. මෙම ප්‍රේෂණ ඉන්දීය රුපියල් බවට පත් කර අවම වශයෙන් වසරක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබා ගනු ලැබේ. 
තැන්පතු කල් පිරීමේදී මුල් මුදල සහ පොළිය සිය රටට යොමු කිරීමට හෝ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට හෝ හැකිය. කලින් කලට ඉන්දීය සංචිත බැංකුව විසින් අනුමත කරනු ලබන ස්ථිර පොළියක්මේ සඳහා අදාළවන අතර බදු අඩු කාල මූලාශ්‍රය කපා හැරෙන්නේ නැත. කාර්තුවකට වරක් පොළිය එකතු කෙරෙන අතර, අවම තැන්පතුව ඇ.ඩො.1000ක් හෝ අනුමත මුදල් ඒකකයකින් ඊට සමාන අගයකි.
අනේවාසික සාමාන්‍ය/ඉතුරුම්/ස්ථාවර තැන්පතු (NRO) :
අනේවාසික ඉන්දීය ජාතිකයන් හට NRO බැංකු ඉතුරුම් සහ NRO ස්ථාවර තැන්පතු යන ගිණුම් වර්ග දෙකම ආරම්භ කළ හැකිය. වෙනත් ගිණුම් මෙන් නොව, මෙහි ප්‍රේෂණ ඉන්දීය රුපියල්වලින් ද තැන්පත් කළ හැකිය. නමුත් ශේෂයන් සිය රටට යොමු කළ නොහැකිය. තැන්පතු කාලය අනුව ආකර්ෂණීය පොළී අනුපාත ගෙවනු ලැබේ. උපයා ගන්නා පොළී ඉන්දීය ආදායම් බදු රෙගුලාසිවලට යටත් වේ. විදේශිකයන්ට ද අප සමග NRO ගිණුමක් ආරම්භ කළ හැකිය. NRO SB ගිණුමට 3.5%ක පොළියක් හිමි වේ.
 
විදේශ මුදල් අනේවාසික ගිණුම් :
මෙය කාලීන තැන්පතු ක්‍රමයක්වන අතර විදේශ මුදල් ඒකක මගින් ප්‍රේෂණ සිදු කළ යුතුය. වසරක කාලයක් සඳහා ගිණුම පහත දැක්වෙන මුදල් ඒකක මගින් පවත්වාගෙන යා හැකිය.
මුදල් ඒකක :
එක්සත් ජනපද ඩොලර් (USD)
ස්ටර්ලින් පවුම් (GBP)
යුරෝ (EUR)
ජපාන යෙන් (JPY)
 
 
ප්‍රතිලාභ :
අවම තැන්පතුව ඇ.ඩො. 1000 ක් හෝ වෙනත් මුදල් ඒකකයකින් ඊට සමාන අගයක් 
තැන්පතු කාලය මත ඉතා තරගකාරී පොළී අනුපාත පිරිනැමේ
මුල් මුදල සහ පොළිය යළි සිය රටට යොමු කළ හැකිය 
නාමමාත්‍ර කුලී පදනම මත ඉතා ඉහළ ගබඩා පහසුකම් සහිත ලොකර් පහසුකම් පිරිනැමේ 
 
සරළ ගිණුම (No Frills Account) :
මෙම ගිණුම් සඳහා රු. 10ක අවම ශේෂයක් පවත්වාගෙන යාම ප්‍රමාණවත්ය. ගිණුම් පාස් පොතක් නිකුත් කරන අතර චෙක් පොතක් නිකුත් කෙරෙන්නේ නැත.
අප ලබා දෙන වෙනත් පහසුකම් :
වෙළඳ මුල්‍යයන පහසුකම් 
ණය පහසුකම් 
සුරක්ෂිතාගාර පහසුකම් 
භාණ්ඩාගාර සහ මුදල් වෙළඳපල මෙහෙයුම් 
නියෝජිත බැංකුකරණය 
විදේශීය ශාඛා
කළමනාකාර ඩබ්.එන්.පී. සුරවිමල මහතා 
දුරකථන අංක | සෘජු :  + 91 44 39513313
                        පොදු : + 91 44 39519999
ෆැක්ස් | +91444204260
නියෝජ්‍ය කළමනාකාර | අජිත් සමරකෝන් මහතා 
දුරකථන අංක | +91 44 39519901
ඉ-මේල් | ceybank@vsnl.com