Bank of Ceylon

ලංකා බැංකු නිවාස ණය ක්‍රමය 

ගනුදෙනුකාර භවතුන්ගේ ඕනෑම නිවාස අවශ්‍යතාවක් සපුරාලීම උදෙසා ලංකා බැංකුව විශේෂ නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත.

නිවාස ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නන්

  • ලංකා බැංකු ගනුදෙනුකරුවෙකුවන, ශ්‍රී ලාංකේය පුරවැසි, වයස අවු. 18ත් 60ත් අතර පසුවන නැවත මුදල් පියවීමේ හැකියාවක් ඇති, DRU සහ CRIB වාර්තා සතුටුදායක මට්ටමක පවතින අයෙකු වීම
  • සීමාසහිත වගකීම් සහිත සමාගම් (අලෙවිය සඳහා නිවාස ඉදිකිරීම්කරුවන්)

ණය මුදල

  • ගනුදෙනුකරුගේ නැවත මුදල් පියවීමේ හැකියාව මත තීරණය වේ.

නැවත මුදල් පියවීම

  • සමාන වාරික සහිත උපරිම වශයෙන් වසර 25ක් (වසරක සහන කාලයක් ඇතුළුව)
  • උපරිම වයස අවුරුදු 65ක් හෝ ඊට පෙර විශ්‍රාම ගන්නේ නම් එම වයස
  • සහන කාලය වසර 5කි (උපරිම වශයෙන් විරාම තුනක් සහිතව)

සුරැකුම

  • අදාළ දේපළ ඇප ලෙස තැබිය යුතුය.

 

හැව්ලොක් සිටි නිවාස ව්‍යාපෘතියේ නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා 

හැව්ලොක් සිටි නිවාස ව්‍යාපෘතියේ බද්ධ නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා ලංකා බැංකුව මෙම නිවාස ණය ක්‍රමය හඳුන්වා දී ඇත.

ණය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් :

  • DRU සහ CRIB වාර්තා සතුටුදායක මට්ටමක පවතින, වයස අවුරුදු 18ත් 60ත් අතර පසුවන නැවත මුදල් පියවීමේ හැකියාවක් ඇති ශ්‍රී ලාංකේය පුරවැසි ලංකා බැංකු ගනුදෙනුකාර භවතෙකු වීම

ණය මුදල                

  • උපරිම වශයෙන් රු. මිලියන 40 ක් හෝ ගැනුම් වටිනාකමින් 75% ක් 

විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා 

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ලියාපදිංචි විශ්වවිද්‍යාලයක වසර 5 කට වැඩි සේවා කාලයකට හිමිකම් කියන ස්ථිර කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා ලංකා බැංකුව විශේෂිත ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මෙම ක්‍රමය යටතේ ණය ලබා ගත හැක්කේ සේවා කාලය තුළ එක් වරක් පමණි.

ණය පහසුකම් සීමාව

  • අධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා රු. මිලියන 2
  • අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා රු. මිලියන 1

*කොන්දේසි සහිතයි

(ණය පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

කළමනාකරු,    
පාරිභෝගික ණය ඒකකය,
20වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක: 011 220 4522 / 011 220 4563 / 011220 4558,
ෆැක්ස්: 011 2338762