Bank of Ceylon
Responsive image

ණය කාඩ්පත් 
 

මයික්‍රෝ චීපය සමග දැන් වඩාත් සුරක්ෂිතයි
  • තොරතුරු සහ දත්ත ඩිජිටල් ක්‍රමවේදයට අනුව කේත බවට පත් කෙරෙන මයික්‍රො චීපය, මීට පෙර ණය කාඩ්පත්වල චුම්බක තීරුවට වඩා බෙහෙවින් ආරක්ෂාකාරීය. මෙම මයික්‍රො චීපය නිසා ඔබ විසින් මුදල් හුවමාරුවක් සිදුකරන විටෙකදී කිසියම් පාර්ශ්වයකට ඔබගේ තොරතුරු සහ දත්ත රහසිගතව පිටපත්කර ගත නොහැකිය.
  • එම සුපිරි ආරක්ෂාකාරී ලක්ෂණය දැන් ලංකා බැංකු ණය කාඩ්පත්වල ඇතුළත්ය.
  • වෙළඳසැල් හිමියන්ට ද ලංකා බැංකුවේ POS ට'මිනල් ලබා ගනිමින් සිය පාරිභෝගිකයන් හට ද මෙම අනගි රැකවරණය ලබා දිය හැකිය. 
                                        2544300 හෝ 2544301 හෝ 2393931 අමතා අදම ලංකා බැංකු ණය කාඩ්පතක් සඳහා ලියාපදිංචි වන්න.


ණය කාඩ්පත් අයදුම් පත්‍රය මෙතනින් බාගත කර ගන්න

වීසා ඉලෙක්ට්‍රොන් හර කාඩ්පත් අයදුම් පත්‍රය මෙතැනින් බාගත කර ගන්න

TARIFF තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

මාසික ගිණුම් වාර්තාව බාගත කර ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

ණය කාඩ්පත් පොලී ගණනය කිරීමේ ලේඛනය බාගත කර ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

අතිරේක කාඩ්පත් හිමියන්ගේ හිමිකම්, බැඳීම් සහ වගකීම් බාගත කර ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

ලංකා බැංකු ණය කාඩ්පත් පරිපාලන කොන්දේසි සහ රෙගුලාසි බාගත කරගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

 

1. ලංකා බැංකු ණය කාඩ්පත

ලංකා බැංකුවේ ණය කාඩ්පත භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම සඳහා භාවිත කළ හැකි පහසු ගෙවීම් ක්‍රමයකි. 

වෙළඳසැල්වල භාණ්ඩ මිලදී සඳහා මෙන්ම අන්තර්ජාල ගෙවීම් කටයුතු සිදුකිරීම සඳහා ලංකා බැංකු ණය කාඩ්පත් විකල්ප කිහිපයක් හඳුන්වා දී ඇත. ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීම සඳහා ද ණය කාඩ්පත භාවිතා කළ හැකිය. VISA ජාත්‍යන්තර සන්නාමය යටතේ ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීමේ මෙරට පුරෝගාමියා වන්නේ ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානය මේ සමරමින් සිටින්නේ 25වන සංවත්සරයයි. ලංකා බැංකු ණය කාඩ්පත් මයික්‍රො චිපය සමග දැන් වඩාත් සුරක්ෂිතයි.  තොරතුරු සහ දත්ත ඩිජිටල් ක්‍රමවේදයට අනුව කේත බවට පත් කෙරෙන මයික්‍රො චීපය, මීට පෙර ණය කාඩ්පත්වල චුම්බක තීරුවට වඩා බෙහෙවින් ආරක්ෂාකාරීය. මෙම මයික්‍රො චීපය නිසා ඔබ විසින් මුදල් හුවමාරුවක් සිදුකරන විටෙකදී කිසියම් පාර්ශ්වයකට ඔබගේ තොරතුරු සහ දත්ත රහසිගතව පිටපත්කර ගත නොහැකිය.


1.1 කාඩ්පත් වර්ග 

  • වීසා
    • ප්ලැටිනම්
    • ඉන්ටර්නැෂනල් ගෝල්ඩ්
    • ඉන්ටර්නැෂනල් ක්ලැසික්
  • මාස්ටර්
    • ටයිටේනියම්
  • වෙනත්
    • ෆ්ලෙක්සි

1.2 කාඩ්පත් කවුරුන් වෙනුවෙන්ද?

  • වයස අවුරුදු 18ට වැඩි ඔබට
  • මාසික ආදායම රු.15,000 ට වැඩි ඔබට
2.1 නිශ්චිත ආදායම් ලබන්නන්
  • නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වාහන රියදුරු බලපත්‍රය
  • වැටුප්/ආදායම් තහවුරුව
  • පදිංචි ලිපිනය සනාථ කළ හැකි උපයෝගීතා බිල්පතක්
2.2 ස්වයං රැකියාවල නිරතවන්නන්
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වාහන රියදුරු බලපත්‍රය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්
  • බදු ලදුපතක් (ඇත්නම් පමණක්)
  • පදිංචි ලිපිනය සනාථ කළ හැකි උපයෝගීතා බිල්පතක්
2.3 සමාගමේ අනුග්‍රාහකත්වය සහිත සේවකයන් 

සේවායෝජකයාගෙන්
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වාහන රියදුරු බලපත්‍රය
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්
  • බදු ලදුපතක් (ඇත්නම් පමණක්)
  • පදිංචි ලිපිනය සනාථ කළ හැකි උපයෝගීතා බිල්පතක්
සේවකයාගෙන්
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වාහන රියදුරු බලපත්‍රය (සැ.යු. ලියකියවිලි ලේකම් විසින් සහතික කළ යුතුය)

 

3.1 පොලී රහිත ණය සීමාව
  • අවම වශයෙන් දින 22 ක් ද, උපරිම වශයෙන් දින 52 ක් ද ලෙස ඔබට පොලී රහිත ණය සීමාවක් හිමිකර ගත හැකිය.

3.2 සෘතුමය වට්ටම් සහ දීමනා 3.3 දීමනා ක්‍රම
  • වැය කරන සෑම රුපියල් සියයක් සඳහා ම කාඩ්පත් හිමියාට එක් දීමනා අගයක් (Reward Point) හිමිවන අතර, එම දීමනා අගයන් 3:1 අනුපාතය යටතේ රුපියල් බවට පරිවර්තනය කර සෑම කාර්තුවකටම වරක් බැර කාඩ්පතට බැර කෙරේ.
3.4 රක්ෂණාවරණය
ජීවිත රක්ෂණාවරණය/ ස්ථිර අබාධිත රක්ෂණාවරණය ඉන්ටර්නැෂනල් ක්ලැසික් සඳහා - රු. 50,000 දක්වා

ඉන්ටර්නැෂනල් ගෝල්ඩ් සඳහා - රු. 100,000 දක්වා 

ටයිටේනියම් සඳහා - රු. 100,000 දක්වා
ප්ලැටිනම් සඳහා - රු. 100,000 දක්වා
සංචාරක රක්ෂණාවරණය ප්ලැටිනම් කාඩ්පත් සඳහා
පුද්ගලික අනතුරු රක්ෂණාවරණය - ඇ.ඩො. 250,000 දක්වා
වෛද්‍ය රක්ෂණාවරණය - ඇ.ඩො. 100,000 දක්වා
දන්ත වෛද්‍ය වියදම් - ඇ.ඩො. 250 දක්වා
මෘත දේහයක් ගෙන්වා ගැනීම ඇ.ඩො. 6000 දක්වා
ගමන්මලු නැති වීම ඇ.ඩො. 1000 දක්වා
ගමන් බලපත්‍රය නැති වීම ඇ.ඩො. 250 දක්වා
3.5 හදිසි අවස්ථාවලදී ණය සීමාව පුළුල් කිරීම
  • රෝහල්ගත කිරීම
3.6 හදිසි අවස්ථාවකදී 50% ක මුදල් අත්තිකාරම
  • ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබා ගත හැකි අතර, මුළු අත්තිකාරම් මුදල ණය කාඩ්පතේ ණය සීමාවෙන් 50 % ක් නොඉක්මවිය යුතුය.
3.7 අඩු ණය සීමාවන් සහිත අතිරේක කාඩ්පත්
  • පහත අරමුණු සඳහා අඩු ණය සීමාවක් සහිත අමතර කාඩ්පතක් ලබා ගත හැකිය.
    • අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා
    • ආදරණීයයන් සඳහා
3.8 අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හරහා පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය (011-22-4444)

 

3.9 පහසු මුදල් පියවීමේ සැලසුම
  • මෙමගින් මිලදී ගනු ලැබූ භාණ්ඩයේ/සේවාවේ ගනුදෙනු අගය සමාන වාරික ලෙස පියවීමේ හැකියාව ලබා දෙයි
පහත ක්‍රම මගින් ගෙවීම් සිදු කළ හැකිය

 

  • අන්තර්ජාල බැංකුකරණය
  • ජංගම දුරකථන බැංකුකරණය - Paymate
  • ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර
  • ඔබගේ ලංකා බැංකු ජංගම හෝ ඉතුරුම් ගිණුම හරහා ස්ථාවර නියෝග
  • දිවයින පුරා විහිදුනු ලංකා බැංකු ශාඛා ජාලය 

මුළු හිඟ මුදලින් 5% ක ප්‍රමාණයක් ගෙවා කාඩ්පත සාමාන්‍ය තත්ත්වයේ තබා ගත හැකිය.

ණය කාඩ්පතේ හිඟ මුදල සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් හෝ ගෙවිය හැකිය. හිඟ මුදලින් කොටසක් ගෙවන්නේ නම් එම අගය සමස්ත හිඟ මුදලින් 5% ට නොඅඩු විය යුතුය. නියමිත දිනයට හෝ ඊට පෙර අවම වශයෙන් එම 5% ක ප්‍රමාණය පියවීමට අපොහොසත් වුවහොත් රු. 750/= ක දඩ මුදලක් අය කෙරේ. ඉතිරි හිඟ මුදල පවත්නා පොලී අනුපාතවලට යටත් වේ.

නියමිත දිනට පසු දින 30ක් තුළ හිඟ මුදල පියවීමට අපොහොසත් වුවහොත් කාඩ්පත අවහිර කෙරෙන අතර එය භාවිතා කිරීමට නොහැකි වේ.

දින 90 කට පසුව ණය ගෙවීම කඩකළ ණයකරුවෙකු ලෙස CRIB කාඩ්පත් හිමියාව ලැයිස්තුවට ඇතුළත් කෙරෙනු ඇත.
අන්තර්ජාල ගනුදෙනු සහ වෙනත් මුදල් ගෙවීමේ ක්‍රමවේද හඳුන්වා දීමත් සමග ඔබගේ ණය කාඩ්පතේ තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ දැන් වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. එබැවින්, ඔබගේ කාඩ්පත් සම්බන්ධව ඇති විය හැකි අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය. තවද, තම ණය කාඩ්පතේ ආරක්ෂාව පිළිබඳ වගකීම සෑම විටම එම කාඩ්පතේ හිමිකරු සතු වේ. පහත දැක්වෙනුයේ ඔබගේ ණය කාඩ්පතේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු සහ නොකළ යුතු දෑ පිළිබඳ ලැයිස්තුවකි.

 

5.1 කළ යුතු සහ නොකළ යුතු දෑ

 

කළ යුතු දෑ
  • කාඩ්පතේ පිටුපස නිවැරදි ස්ථානයේ ඔබගේ අත්සන යොදන්න.
  • ඔබගේ කාඩ්පත් අංකය රහසිගතව තබා ගන්න.
  • ඔබ යමක් මිලදී ගන්නා සෑම විටෙකදී ම ඔබ ඉදිරියේ ම එම මුදල් ගනුදෙනුව සිදුවන බවට වගබලා ගන්න.
  • මුදල් අයකැමි විසින් ඔබට කාඩ්පත ලබා දෙන සෑම විට ම එය ඔබගේ කාඩ්පත ද යන්න සහ එය ඔබගේ සැබෑ කාඩ්පත ද යන්න පරීක්ෂා කර බලන්න.
  • ඔබගේ ලදුපත් සුරැකිව ළඟ තබා ගන්න. එවිට ඔබගේ ගිණුම් විස්තරය සමග එම ලදුපත් සංසන්දනය කිරීමට ඔබට හැකි වේ.
  • ඔබගේ ගිණුම් විස්තරයේ කිසියම් සැකකටයුතු ගනුදෙනුවක් සිදු වී ඇතැයි හඳුනා ගත් විටෙක හෝ ඔබ විසින් සිදු නොකළ ගනුදෙනුවක කෙටි පණිවිඩයක් ඔබ වෙත ලැබුණු විටෙක වහාම ඒ පිළිබඳ අප වෙත දැනුම් දෙන්න.
  • ඔබගේ ගිණුම් වාර්තාවේ සංවේදී තොරතුරු අඩංගුවන බැවින් ගිණුම් වාර්තා ආරක්‍ෂිත ස්ථානයක තබන්න.
  • ඔබ විදෙස්ගත වන්නේ නම් සහ එහිදී ද කාඩ්පත භාවිත කිරීමට අපේක්ෂා කරයි නම් ඒ පිළිබඳ කාඩ්පත් මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන්න.
  • ඔබගේ ගිණුම් වාර්තා සහ කෙටි පණිවිඩ සේවාව නිවැරදි ලෙස ඔබ වෙත ලබා දීම සඳහා, ඔබගේ ලිපිනයේ හෝ ජංගම දුරකථන අංකයේ යම් වෙනසක් සිදු වුවහොත් ඒ පිළිබඳ අප වෙත දැනුම් දෙන්න.
  • ඔබගේ කාඩ්පත සොරකම් කර ඇත්නම් හෝ නැති වී ඇත්නම් ඒ පිළිබඳ වහාම අප වෙත දැනුම් දෙන්න.
  • කාඩ්පතේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගැනීමට කාඩ්පත් හිමියා කටයුතු කළ යුතු අතර, කාඩ්පතේ රහස්‍ය අංකය අතිශයින් රහසිගතව තබා ගැනීමට වගබලා ගත යුතුය.
  • ගනුදෙනු සුරක්ෂිතව සිදු කිරීම සඳහා, ගනුදෙනු පිළිබඳ දැනුම්දෙන කෙටි පණිවිඩ සේවාව සිය ජංගම දුරකථන අංකයට ලබා ගැනීමට කාඩ්පත් හිමියාට හැකිය.
නොකළ යුතු දෑ
  • කිසිඳු තුන්වැනි පාර්ශ්වයකට ඔබගේ රහස්‍ය අංකය (PIN), CVV අංකය සහ කල් ඉකුත්වීමේ දිනය හෙළි කිරීමෙන් වළකින්න.
 
කාඩ්පත් වර්ගය විශේෂ ලක්ෂණ ණය සීමාව

කා සඳහා ද

ගාස්තු
ලංකා බැංකුවේ වීසා ප්ලැටිනම් ණය කාඩ්පත            
  • ඇ.ඩො. 250,000 දක්වා සංචාරක අනතුරු රක්ෂණාවරණය
  • ඇ.ඩො. 100,000 දක්වා වෛද්‍ය රක්ෂණාවරණය
  • භාරකාර සේවා (සංචාරක අනුග්‍රහය, පෙර-සංචාරක උපදේශන සේවාව, ව්‍යාපාරික සේවා උපදේශන සේවාව ආදිය)
*කොන්දේසි සහිතයි
රු. 250,000 සහ ඊට වැඩි ඉහළ මාසික ආදායමක් ලබන ගනුදෙනුකරුවන් සඳහා

ඇතුළත් වීමේ ගාස්තු - රු. 1500
වාර්ෂික ගාස්තු - රු. 3000

ලංකා බැංකුවේ මාස්ටර් ටයිටේනියම් කාඩ්පත
  • ජීවිත රක්ෂණයක් හෝ ස්ථිර අබාධිත රක්ෂණාවරණයක් නොමිලේ 

    • රු. 100,000
රු. 50,000 සහ ඊට වැඩි ඉහළ මාසික ආදායමක් ලබන ගනුදෙනුකරුවන් සඳහා

ඇතුළත් වීමේ ගාස්තු - රු. 1500
වාර්ෂික ගාස්තු රු. 2000

ලංකා බැංකුවේ වීසා ගෝල්ඩ් කාඩ්පත
ලංකා බැංකුවේ මාස්ටර් ගෝල්ඩ් කාඩ්පත

  • ජීවිත රක්ෂණයක් හෝ ස්ථිර අබාධිත රක්ෂණාවරණයක් හෝ නොමිලේ
    • රු. 100,000

රු. 50,000 හෝ ඊට වැඩි නිත්‍ය ආදායම් ලබන්නන් හට ඇතුළත් වීමේ ගාස්තු - රු. 1500 වාර්ෂික ගාස්තු - රු. 2000

ලංකා බැංකුවේ වීසා ක්ලැසික් කාඩ්පත මාස්ටර් ස්ටෑන්ඩඩ් කාඩ්පත

  • ජීවිත රක්ෂණයක් හෝ ස්ථිර අබාධිත රක්ෂණාවරණයක් නොමිලේ
    • රු. 50,000
රු. 25,000 සිට රු. 50,000 දක්වා නිත්‍ය ආදායම් ලබන්නන් හට ඇතුළත් වීමේ ගාස්තු - රු.1000 වාර්ෂික ගාස්තු - රු. 1000  
සම්බන්ධක කාඩ්පත්
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්
  • වරලත් ගණකාධිකාරීවරුන්  
   
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහා
  • වරලත් ගණකාධිකාරීවරුන් සඳහා
  • ජීවිත රක්ෂණයක් හෝ ස්ථිර අබාධිත රක්ෂණාවරණයක් නොමිලේ
    • රු. 100,000
රු. 100,000/= ක් සහ ඊට වැඩි   ඇතුළත් වීමේ ගාස්තු - රු. 1500 වාර්ෂික ගාස්තු - රු. 2000  
විශේෂ කාඩ්පත්
  • ලංකා බැංකුවේ FLEXI කාඩ්පත
අවශ්‍යතා
  • අවම වශයෙන් වසර 3 ක කාලයකට තැන්පත් කර ඇති අවම වශයෙන් රු. 100,000 ක ස්ථිර තැන්පතුවක්
ලංකා බැකුවේ FLEXI කාඩ්පත සඳහා හිමිවන ප්‍රතිලාභ
  • ස්ථිර තැන්පතුවේ අගයෙන් 90% ක් දක්වා භාවිතා කළ හැකිය.
  • පැය තුනක් තුළ කාඩ්පත ලබා ගත හැකිය.
  • ඔබ ඉල්ලා සිටියහොත් ඔබගේ ආදරණීයයන් සඳහා අමතර කාඩ්පත් හිමිකර ගත හැකිය.
  • අවම පොලී අනුපාත ( මාසිකව 1%)
  • මුදල් අත්තිකාරම් ගාස්තු නැත
  • ඉතා සුළු ඇතුළත් වීමේ සහ වාර්ෂික ගාස්තු
  • දිවයින පුරා පිහිටි ලංකා බැංකුවේ අනුමැතිය ලත් අලෙවි සැල්වලදී සහ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් භාවිත කළ හැකිය.
ස්ථාවර තැන්පතුවේ අගයෙන් 90% ක්   ඇතුළත් වීමේ ගාස්තු - රු. 200 වාර්ෂික ගාස්තු - රු. 200  
 
7.1 ඇතුළත් වීමේ සහ වාර්ෂික ගාස්තු 

කාඩ්පත් වර්ග ඇතුළත් වීමේ ගාස්තු (රු.) වාර්ෂික ගාස්තු (රු.)
මූලික අමතර මූලික අමතර
ප්ලැටිනම් 1500 1200 3000 1500
ටයිටේනියම් 1500 1200 2000 750
ගෝල්ඩ් 1500 1200 2000 750
ක්ලැසික් 750 750 1000 500


7.2 වෙනත් ගාස්තු 

තාවකාලිකව ණය'සීමාව පුළුල් කිරීම රු. 1,000 විදෙස් ගමන්මලු ගාස්තු රු. 1,500
ස්ථිර ණය සීමාව පුළුල් කිරීම රු. 500 වෙළඳ පිටපත සමුද්ධරණය රු. 500
අවහිර කරන ලද කාඩ්පතක් යළි සක්‍රිය කිරීම සඳහා ගාස්තුව රු. 500 අගරු වූ චෙක්පත් පිළිබඳ දැනුම්දීම රු. 1,000
ප්‍රමාද ගාස්තු රු. 750 තානාපති කාර්යාල සඳහා තහවුරු ලිපි සඳහා රු. 1,000
සීමාව ඉක්මවා යාමේ ගාස්තුව රු. 600 ගිණුම් වාර්තාවේ අනු පිටපතක් නිකුත් කිරීම රු. 100
නියමිත දිනයට පසු මාසික පොලී අනුපාතය 2% කි මුදල් අත්තිකාරම ලබා ගත් දිනයේ පටන් මාසික පොලී අනුපාතය 2%
CRIB විමසුම් ගාස්තු රු. 500 මුදල් අත්තිකාරම් ගාස්තු 3.5% (අවමය රු. 300)
නැති වූ කාඩ්පතක් සඳහා නව කාඩ්පතක් නිකුත් කිරීමේ ගාස්තුව රු.500 අලුත් රහස්‍ය අංකයක් නිකුත් කිරීමේ ගාස්තුව රු. 250

 

  • කාඩ්පත හිමි වූ වහාම කාඩ්පත් හිමියා විසින් එහි සිය අත්සන යෙදිය යුතුය.
  • කාඩ්පත ඔබට හිමි වූ පසුව එය සක්‍රිය කිරීම සඳහා 0112204444 අංකයට අමතන්න.
  • බැංකුවේ අභිමතය පරිදි කලින්-කලට පොලී අනුපාත වෙනස් විය හැකිය.
  • සිය කාඩ්පත සහ රහස්‍ය අංකය භාවිතා කර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් කාඩ්පත් හිමියාට මුදල් ලබා ගත හැකිය.
  • පවත්නා නීති සහ රෙගුලාසි අනුව ණය තොරතුරු, ණය තොරතුරු කාර්යංශයට සහ වෙනත් නියාමන අංශවලට ලබා දීමට බැංකුව කටයුතු කරයි.
  • ගිණුම් විස්තර නොලැබුණි නම් කරුණාකර අපගේ කාඩ්පත් මධ්‍යස්ථානයට ඒ පිළිබඳ දැනුම් දෙන්න.
  • ඔබගේ ගිණුම් ශේෂය ණය සීමාව ඉක්මවා යන ඕනෑම විටෙක ඊට අදාළ ගාස්තු අය කෙරේ.
  • මුද්දර ගාස්තුව මුදල් ගනුදෙනුවේ අගයෙන් 1.5% කි.

 

ලංකා බැංකුවේ ණය කාඩ්පතක් ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම කුමක්ද?

  • වයස අවු. 18 ට වැඩි සහ අවම වශයෙන් රු. 15,000 ක මාසික ආදායමක් ලබන ඕනෑම අයෙකුට ඒ සඳහා අයදුම් කළ හැකිය.

ණය කාඩ්පත ලද වහාම මා හට එය භාවිත කළ හැකිද?

  • ඔබගේ කාඩ්පතේ පිටුපස සඳහන් අංකයෙන් අප වෙත ඇමතුමක් ලබා දීමෙන් ඔබ කාඩ්පත සක්‍රිය කර ගත යුතුය.

මගේ ණය කාඩ්පත සඳහා රහස්‍ය අංකයක් තිබිය යුත්තේ ඇයි?

  • ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීම සඳහා
  • විදේශයකදී ණය කාඩ්පත භාවිතා කරන විට, සමහර රටවලදී ණය කාඩ්පත් මුදල් ගනුදෙනු සඳහා රහස්‍ය අංකය අත්‍යවශ්‍ය වේ.

 

මගේ රහස්‍ය අංකය වෙනස් කර ගත හැකිද?

  • ඕනෑම ලංකා බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකදී ඔබගේ රහස්‍ය අංකය වෙනස් කර ගත හැකිය. අපගේ උපදේශය ඔබ එය සිදු කළ යුතුය යන්නයි.

මා සතුව දැනට තිබෙන ණය කාඩ්පත කල් ඉකුත් වූ විට මා හට ස්වයංක්‍රීයව නව කාඩ්පතක් ලැබෙනවාද?

  • කල් ඉකුත් වූ දින සිට දින 30 ක් ඇතුළත ඔබට නව ණය කාඩ්පතක් ලැබෙනු ඇත.

 

මගේ ණය කාඩ්පත භාවිතා කළ හැක්කේ කුමන අවස්ථාවලදී ද?

  • වීසා/මාස්ටර් කාඩ්/ඇමෙක්ස් බාර ගන්නා ඕනෑම අලෙවි මධ්‍යස්ථානයකදී.
  • අන්තර්ජාල ගනුදෙනු සඳහා
  • දේශීය හෝ විදේශීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීම සඳහා

 

වෙනත් බැංකු මගින් නිකුත් කරන ලද කාඩ්පත් අය කිරීමේ යන්ත්‍ර සහිත අලෙවි මධ්‍යස්ථානවලදී මා හට ලංකා බැංකුවේ ණය කාඩ්පත භාවිතා කළ හැකිද?

CVV අංකය යනු කුමක්ද? CVV අංකයක් ලබා දීමේ අරමුණ කුමක්ද?

  • CVV අංකය යනු ඔබගේ ණය කාඩ්පතේ පිටුපස සඳහන් ඉලක්කම් තුනකින් යුතු අංකයයි.
  • අන්තර්ජාල ගනුදෙනු සඳහා CVV අංකය වැදගත් වේ.

 

මගේ ණය කාඩ්පත් ගිණුම් ශේෂය පරික්ෂා කරන්නේ කෙසේද?

  • ලංකා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ (ඉ-බැංකුකරණ) සේවාව ලබා ගනිමින් අන්තර්ජාලයෙන් ඔබගේ කාඩ්පත් ගිණුමේ ශේෂය පරික්ෂා කළ හැකිය. එසේත් නැතිනම්, ලංකා බැංකුවේ ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් හෝ කාඩ්පතේ පිටුපස සඳහන් අපගේ අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ ඒ එම පහසුකම සඳහා අයදුම් කළ හැකිය.

 

මාගේ ණය සීමාව වැඩි හෝ අඩු කරන්නේ කෙසේද?

  • මෑතකදී ලබා ගත් ආදායම් විස්තරය සමගින් ඔබගේ ඉල්ලීම ණය කාඩ්පත් නිකුත් කිරීමේ අංශය වෙත බාර දෙන්න.

 

මගේ ලංකා බැංකු ණය කාඩ්පත් ගිණුම අහෝසි කරන්නේ කෙසේද?

  • අපගේ ශාඛාවකට ලිඛිතව ඉල්ලීමක් කිරීමෙන් හෝ එම ඉල්ලීම සමග පළුදු කළ හෝ දෙකට වෙන් කරන ලද කාඩ්පත තැපැල් මාර්ගයෙන් අප වෙත එවීමෙන් ගිණුම අහෝසි කර ගත හැකිය.

 

මාගේ පුද්ගලික තොරතුරු වෙනස් කරන්නේ කෙසේද?

  • වෙනස් කරන තොරතුරු ඇතුළත් කර ඔබගේ අත්සන නිසියාකාරව යොදන ලද ලිපියක් අප වෙත යොමු කරන්න.

 

මාගේ ලංකා බැංකු ණය කාඩ්පත් විස්තරය ලබා ගන්නේ කෙසේද?

  • තැපැල් හෝ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් මාසිකව ගිණුම් වාර්තාව ඔබ වෙත ලැබේ.

 

කෙටි පණිවිඩ සේවාවේ ඇති වැදගත්කම කුමක්ද?

  • ඕනෑම ගනුදෙනුවක් සඳහා ඔබට ඔබගේ ජංගම දුරකථන අංකය අප වෙත ලබා දිය හැකිය. එමගින් ඔබට සෑම ගනුදෙනුවකම විනිවිදභාවය ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

 

මාගේ ණය කාඩ්පත නැති වූ විටෙක හෝ සොරකම් කරන ලද විටෙක මා කුමක් කළ යුතුද?

  • ඔබ ඒ පිළිබඳ අපගේ කාඩ්පත් මධ්‍යස්ථානයට හෝ ඇමතුම් මධ්‍යස්ථානයට වහාම දැනුම්දිය යුතුය.
  • එලෙස දැනුම්දීම සඳහා ඔබගේ ණය කාඩ්පත් අංක සහ දුරකථන අංක සුරැකිව ළඟ තබා ගන්න.

 

මාගේ ණය කාඩ්පතේ සැකකටයුතු ගනුදෙනුවක් සිදු වී ඇත්නම් මා කුමක් කළ යුතුද?

  • ඔබගේ ණය කාඩ්පතේ පිටුපස සඳහන් අංකයෙන් වහාම අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා එම ගනුදෙනුව පිළිබඳ විස්තර ලබා දෙන්න.

 

මාගේ ණය කාඩ්පත් ගිණුමට මුදල් ගෙවීම සඳහා ස්ථාවර නියෝගයක් ලබා දෙන්නේ කෙසේද?

  • ඔබ ලංකා බැංකු ගිණුම් හිමියෙකු නොවේ නම් අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන් ගිණුමක් ආරම්භ කළ හැකිය. එතැන් පටන්, ඔබගේ ණය කාඩ්පත් ගිණුමේ මුදල් ගෙවීම සඳහා එම ගිණුමෙන් ස්ථාවර නියෝගයක් ලබා දිය හැකිය.

 

මාගේ ණය කාඩ්පත හානි වූයේ නම් මා කුමක් කළ යුතුද?

  • ඔබගේ ණය කාඩ්පතේ පිටුපස සඳහන් අංකයෙන් අපගේ ඇමතුම මධ්‍යස්ථානය සමග හෝ කාඩ්පත් නිකුත් කිරීමේ අංශය සමග සම්බන්ධ වී ඒ පිළිබඳ දැනුම් දී නව ණය කාඩ්පතක් සඳහා ඉල්ලුම් කරන්න.

 

මාගේ ලංකා බැංකු ණය කාඩ්පත විදේශයකදී භාවිතා කළ හැකිද?

  • හැකියි. ගෙවීම් ජාලය ලෙස වීසා සහ මාස්ටර්කාඩ් බාර ගන්නා ඕනෑම ගෙවුම් ස්ථානයකදී ඔබගේ ලංකා බැංකු ණය කාඩ්පත භාවිතා කළ හැකිය.

 

ලංකා බැංකු ණය කාඩ්පත භාවිතා කර ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගත හැකිද?

  • හැකියි. මුදල් ලබා ගැනීම සඳහා වීසා සහ මාස්ටර්කාඩ් බාර ගන්නා ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ලංකා බැංකු ණය කාඩ්පත භාවිතා කළ හැකියි.

 

කිසියම් පුද්ගලයෙකු මාගේ රහස්‍ය අංකය සොරකම් කර වංචනික ලෙස කිසියම් ගනුදෙනුවක් සිදුකර ඇතැයි මා හට සැකයක් ඇත්නම් මා කළ යුත්තේ කුමක්ද?

  • ඔබගේ ණය කාඩ්පතේ පිටුපස සඳහන් අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා වහාම ඒ පිළිබඳ දැනුම් දී හැකි ඉක්මනින් රහස්‍ය අංකය වෙනස් කළ යුතුය.


වැඩිදුර විස්තර සඳහා කරුණාකර පහත අංක අමතන්න

  • පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය - 011 2204444
  • කාඩ්පත් නිකුත් කිරීම - 011 2205636 / 011 2205637
  • ශේෂය විමසීම/ කාඩ්පත සක්‍රිය කිරීම - 011 2204444
  • රහස්‍ය අංකය විමසීම - 011 220 5644
  • බිල්පත් විමසීම - 011 2204760 – 62
  • නැති වූ කාඩ්පත් සක්‍රිය කිරීම - 011 2205641
  • ලිපිනය/ජංගම දුරකථන අංකය වෙනස් කිරීම - 011 2205641
  • කාඩ්පත අලුත් කිරීම -  011 2205639 / 011 2205634
  • ණය සීමාව පුළුල් කිරීම - 011 2205638

 

කාඩ්පත් ගෙවීම් පිළිබඳ ගැටළු/පැමිණිලි/ මැසිවිලි ඇත්නම්

 

බාගත කිරීම්