Bank of Ceylon
Responsive image

හර කාඩ්පත් 

ලංකා බැංකුවේ හර කාඩ්පත යනු, දවසේ ඕනෑම වේලාවක, ලොව ඕනෑම ස්ථානයක සිට සිය බැංකු ගිණුමට ප්‍රවේශ වීමේ පහසුකම සලසා දෙන පෙරළිකාර මුල්‍ය ක්‍රමවේදයකි.

ශ්‍රී ලංකාවේ අලෙවි සැල් 6000 කට අධික ප්‍රමාණයකදී සහ ලොව පුරා අලෙවි සැල් මිලියන 20 කට අධික ප්‍රමාණයකදී ලංකා බැංකු හර කාඩ්පත භාවිතා කළ හැකිය.

බැර කාඩ්පතක පිළිගැනීම සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක ප්‍රඥාව කැටි වූ ලංකා බැංකු වීසා ඉලෙක්ට්‍රොන් හර කාඩ්පත ඔබගේ විශ්වසනීයාම මුල්‍ය සහකරුවෙකු ලෙස ඔබ ළඟ රැඳෙයි.

  • වැඩිපුර වියදම් වේදැයි කරදර විය යුතු නැත.
  • ළඟම පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සොයා යා යුතු නැත.
  • වැඩි පහසුව සහ විශ්වසනීය බව ඔබට හිමි වේ.

ලංකා බැංකුවේ වීසා ඉලෙක්ට්‍රොන් හර කාඩ්පත මගින් දැන් ඔබට වීසා ඉලෙක්ට්‍රොන් අන්තර්ජාල හර කාඩ්පත් වැඩසටහන භාවිතා කර ගෙවීම් කළ හැකි අතර IBOC Bank/ VISA Electron ලකුණ සහිත ඕනෑම අලෙවි සැලකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී සෘජුවම ලංකා බැංකුවේ ගිණුමට හර කළ හැකිය.

>> වීසා ඉලෙක්ට්‍රොන් හර කාඩ්පත් අයදුම්පත්‍රය බාගත කර ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න

 -  ඉ-අයදුම්පත්‍රය (ශ්‍රී ලංකා මහ බැංකුව)
 

ගාස්තු :01. වෙනත් බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ශේෂය පරික්ෂා කිරීම - එක් පරීක්ෂාවක් සඳහා රු. 7.50 ක් බැගින්

               02. ලංකා බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම - එක් මුදල් ලබා ගැනීමක් සඳහා රු. 5.00 බැගින්

               03. Lanka Pay සලකුණ සහිත වෙනත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම - එක් මුදල් ලබා ගැනීමක් සඳහා රු. 30.00 බැගින්

               04. Lanka Pay සලකුණ නොමැති වෙනත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම - එක් මුදල් ලබා ගැනීමක් සඳහා රු. 75.00 බැගින්

               05. ISIC කාඩ්පත් සඳහා හර කාඩ්පත සම්බන්ධ කිරීම - රු. 1,250.00

               06. පිටතට නෙරා සිටින සේ නිෂ්පාදනය කර නොමැති හර කාඩ්පත් නිකුත් කිරීම - කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ

               07. පිටතට නෙරා සිටින සේ නිෂ්පාදනය කර නොමැති හර කාඩ්පත් යළි නිකුත් කිරීම - රු. 200.00

               08. පිටතට නෙරා සිටින සේ නිෂ්පාදනය කර ඇති හර කාඩ්පත් නිකුත් කිරීම - රු. 500.00

 

*කොන්දේසි සහිතයි

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු හෝ 011 220 4444 අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.

රහස්‍ය අංකය පිළිබඳ විමසීම් සඳහා : 011 2204658 ද, කාඩ්පත යළි සක්‍රිය කිරීමට සහ ගිණුම් සම්බන්ධ කිරීමට 011 2204656 ද, විමසීම් සඳහා 011 2204653 / 011 2204661 / 011 2204665 ද අමතන්න. විද්‍යුත් තැපැල් : debitcard@boc.lk, ෆැක්ස් : 011 2447569


ප්‍රධාන කළමනාකරු,
ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ඒකකය,
21වන මහල, ප්‍රධාන කාර්යාලය,
ලංකා බැංකුව,
අංක : 01, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ :01

දුරකථන : (+94) 011 2542162 / 011 2204650 / 011 2204660,
විද්‍යුත් තැපැල් :  atmcard@boc.lk

 
Application Download
Click here to Download