Bank of Ceylon

යතුරුපැදි මිලදී ගැනීම සඳහා රජයේ දෙපාර්තමේන්තු/සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ස්ථිර සේවකයන් සඳහා පිරිනැමෙන විශේෂ ණය ක්‍රමය 

ණය ලබා ගැනීමට සුදුසු පිරිස

  • රජයේ දෙපාර්තමේන්තුවක/සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක ස්ථිර සේවකයන්
  • වයස අවුරුදු 50 ට අඩු පිරිස 

ණය සීමාව

  • උපරිම වශයෙන් රු.300,000 යි 

නැවත මුදල් පියවීමේ කාල සීමාව

  • උපරිම වශයෙන් අවුරුදු 4 යි 

ඇප සුරැකුම

  • යතුරුපැදිය ඇප ලෙස තැබිය යුතුය
  • අයදුම්කරුගේ ශ්‍රේණියේ හෝ ඊට ඉහල ශ්‍රේණියක ස්ථිර සේවයේ නියුතු පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙක්
  • බැංකුව විසින් පිළිගනු ලබන වෙනත් ඕනෑම ඇප සුරැකුමක් 

 

*කොන්දේසි සහිතයි 

(ණය පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න

කළමනාකාර,      
පාරිභෝගික ණය ඒකකය,
20වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක.: 011 220 4522 / 011 220 4563 / 011220 4558,
ෆැක්ස්: 011 2338762