Bank of Ceylon
Responsive image

          ලංකා බැංකු ජංගම ගිණුම්

ඔබ පුද්ගලිකව හෝ ව්‍යාපාරික මට්ටමින් හෝ එදිනෙදා සිදු කරන මුදල් ගනුදෙනු කළමනාකරණය කර ගැනීම සඳහා ලංකා බැංකු ජංගම ගිණුම් ප්‍රතිලාභ රැසක් හිමිකර දෙයි. ලංකා බැංකු අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම සහ ජංගම දුරකථන බැංකු ගනුදෙනු පහසුකම තුළින් දවසේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ඔබගේ ජංගම ගිණුමේ කටයුතු සිදු කර ගත හැකිය. ඔබගේ ජංගම ගිණුම මෙරට විශාලතම ශාඛා ජාලයට සම්බන්ධව පවතී. මෙරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 1000 කට අධික සංඛ්‍යාවකින් ද, ගෝලීය වශයෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මිලියන 22 කට අධික සංඛ්‍යාවකින් ද ඔබගේ ජංගම ගිණුමට පිවිසීමේ හැකියාව සහිත හර කාඩ්පතකට ද ඔබ හිමිකම් කියයි. 

අපගේ ජංගම ගිණුම් වර්ග 

තනි පුද්ගල ගිණුම් 

භික්ෂූන් වහන්සේලා සඳහාවන ගිණුම් 

තනි හිමිකාරත්ව ගිණුම්

රජයේ පාසල් ගිණුම් 

ඒකාබද්ධ ගිණුම් 

රාජ්‍ය නොවන පාසල් ගිණුම් 

හවුල් ව්‍යාපාර ගිණුම් 

රාජ්‍ය අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ගිණුම්

සීමිත වගකීම් සහිත සමාගම් ගිණුම් 

පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපනය කර ඇති සංස්ථා/මණ්ඩල ගිණුම්

සමිති, සමාජ, සංගම් සහ වෘත්තීය සමිති ගිණුම් 

රාජ්‍ය නොවන සංවිධාන ගිණුම් 

ආයතනික සමිති-සමාගම් ගිණුම් 

විශේෂ අරමුණු වෙනුවෙන් ආරම්භ කරන ලද ගිණුම්

රජයේ ගිණුම් 

 

ගිණුමක් ආරම්භ කිරීම

එක්-එක් ගිණුම් ආරම්භ කිරීම සඳහා අදාළවන අවම තැන්පතු පිළිබඳ විස්තර පහත දැක්වේ 

ශාඛා ශ්‍රේණිය

ව්‍යාපාරික ගිණුම්

පුද්ගලික ගිණුම් 

අධිශ්‍රේණි රු.15,000/- රු.10,000/-

"ඒ" ශ්‍රේණිය

රු.15,000/- රු. 5,000/-

"බී" ශ්‍රේණිය

රු. 10,000/- රු. 5,000/-

"සී" ශ්‍රේණිය

රු. 5,000/- රු. 2,500/-

පහත ශාඛා සඳහා අදාළවන විශේෂ මූලික තැන්පතු සීමාවන් 

ආයතනික ශාඛාව 

රු. 100,000.00

මෙට්‍රොපොලිටන් සහ පුද්ගලික ශාඛාව 

රු. 25,000.00

කොටුව, මහනුවර 

රු.15,000.00

ඔබට හිමි ප්‍රතිලාභ

  • ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ගිණුමක් ආරම්භ කිරීමටත්, එමගින් ගනුදෙනු කිරීමටත් හැකිය.
  • ලංකා බැංකු චෙක්පත් සඳහා කඩිනම් චෙක්පත් නිෂ්කාශන ක්‍රමවේදය.
  • වෙනත් බැංකුවල චෙක්පත් සඳහා කිසිඳු අමතර මුදලක් අය නොකෙරේ.
  • එක්-එක් ගනුදෙනුකරුවකුගේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස චෙක්පොත් නිකුත් කෙරේ.
  • එක්දින චෙක්පොත් ලබා දීමේ සේවාව
  • පුද්ගලික ජංගම ගිණුම් හිමියන් සඳහා ජාත්‍යන්තර වශයෙන් වලංගු හර කාඩ්පතක් හිමි වේ.
  • ලංකා බැංකු අන්තර්ජාල බැංකුකරණ පහසුකම තුළින් දවසේ ඕනෑම වේලාවක සිය ගිණුමට ප්‍රවේශ විය හැකිය.
  • Paymate ජංගම දුරකථන යෙදවුම තුළින් ගිණුමේ ගනුදෙනු සිදු කළ හැකිය.
  • ඔබගේ සේවාවන් ලබා දීම සඳහා ප්‍රධාන කාර්යාලය වසරේ සෑම දිනකම පැය 24 පුරාම විවෘතව තැබේ. ඊට අමතරව, රාත්‍රී බැංකුකරණ සේවාව, සතිඅන්ත බැංකුකරණ සේවාවන් ද ඔබ වෙනුවෙන් පිරිනැමේ.
  • අපගේ ඇමතුම් මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

බැංකුකරණයේ පහසුව අත්විඳීම සඳහා ලංකා බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරන්න 

කොන්දේසි අදාළ වේ 

අයදුම්පත්‍රය බාගත කර ගැනීම

බාගතකර ගැනීම සඳහා මෙතැනට පිවිසෙන්න