Bank of Ceylon
Responsive image

ලංකා බැංකු Prestige Plus ජංගම ගිණුම 

වර්තමාන ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන්ට සහ අතිශයින් කාර්යබහුල විධායක නිලධාරීන් වෙනුවෙන්ම විශේෂයෙන් පිරිනැමෙන ලංකා බැංකු Prestige Plus පුද්ගලික ජංගම ගිණුම, ඔවුන්ගේ ජීවන රටාවට ඔබින පහසු විශේෂාංග සහ ප්‍රතිලාභ රැසක් හිමිකර දෙයි.

අවශ්‍යතා

  • රු. 30,000 ක මූලික තැන්පතුව
  • රු.10,000 ක අවම ශේෂය 

යෝග්‍යතාව

  • වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥයන්, ගෘහනිර්මාණ ශිල්පීන්, ගණකාධිකාරීවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ආදී සේවයේ නිරත හෝ ස්වයං රැකියාවක නිරත අයෙකු වීම හෝ
  • රු. 40,000 කට වැඩි දළ මාසික ආදායමක් ලබන කීර්තිමත් පුද්ගලික ආයතනයක/සමාගමක විධායක නිලධාරියෙකු හෝ රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක කාර්යමණ්ඩල සාමාජිකයෙකු වීම 

ඔබට හිමි ප්‍රතිලාභ

  • ඔබ වෙනුවෙන්ම ඔබගේ අවශ්‍යතාවන්ම අනුකූල ලෙස සකස් කළ චෙක්පොත.
  • වීසා ඉලෙක්ට්‍රොන් හර කාඩ්පත භාවිතා කරමින් රු.100,000 ක් දක්වා වැඩි කරන ලද මුදල් ගැනීමේ සීමාව.
  • අවම වශයෙන් රු. 100,000 ක ණය සීමාවක් සහිත බැර කාඩ්පත් සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැතිව නිකුත් කෙරේ.
  • සීමාසහිත ලංකා බැංකු ට්‍රැවල්ස් (පුද්.) සමාගමෙන් විශේෂ වට්ටම් සහිතව ගුවන් ටිකට්පත් ලබා ගත හැකිය.
  • ලංකා බැංකු අන්තර්ජාල බැංකුකරණ සේවාව
  • ලංකා බැංකු Paymate සේවාව තුළින් කෙටිපණිවිඩ බැංකුකරණ පහසුකම
  • ඔබගේ සිහින නිවහන ඉදිකිරිම සඳහා නිවාස ණය ද, ඔබගේ ඕනෑම පුද්ගලික අවශ්‍යතාවක් සඳහා පුද්ගලික ණය ද, වාහන මිලදී ගැනීම සඳහා කල්බදු පහසුකම් ද වඩාත් ආකර්ෂණීය කොන්දේසි යටතේ පිරිනැමේ.

වැඩිදුර විස්තර සඳහා ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාව සමග සම්බන්ධ වන්න.

කොන්දේසි සහිතයි

 

අයදුම්පත්‍රය බාගත කර ගැනීම

බාගත කර ගැනීම සඳහා මෙතනට පිවිසෙන්න