Bank of Ceylon
Responsive image

 

  ලංකා බැංකුවේ සාමාන්‍ය ඉතිරිකිරීම් ගිණුම 

 

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට දිවයින පුරා පිහිටි ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ඉතිරිකිරීම් ගිණුමක් ආරම්භ කළ හැකිය.

පහසුකම්/ප්‍රතිලාභ

බද්ධව ගිණුම් ආරම්භ කළ හැකිය.

දවසේ ඕනෑම වේලාවක මුදල් ආපසු ලබා ගැනීම සඳහා ATM හර කාඩ්පතක් හිමි වේ.

රාජ්‍ය බැංකුවක විශ්වාසය සහ සුරක්ෂිතතාව

අන්තර්ජාල සහ SMS බැංකුකරණ පහසුකම

ඔබගේ ගිණුම් ශේෂයෙන් 90% ක් දක්වා කඩිනම් ණය

දිවයින පුරා පිහිටි 600 කට අධික ශාඛා ජාලයෙන් මුදල් තැන්පත් කිරීමේ පහසුව

පැය 24 පුරාම ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය

හදිසි අවස්ථාවකදී මුදල් ගනුදෙනු ඉටුකර ගැනීම සඳහා වසර පුරාම දවසේ පැය 24 ම ප්‍රධාන ශාඛාවෙන් බැංකු කටයුතු සිදුකර ගත හැකිය.

ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත
  • ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය වෙනස් නම් ලිපින තහවුරුවක්

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ සහ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 220 4444අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.

Application Download
Click here to Download