Bank of Ceylon
Responsive image

   14+ නව යොවුන් ඉතිරිකිරීමේ ගිණුම

මුදල් ආපසු ගැනීම ඇතුළු බැංකු කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන නව යොවුන් දරුවන් වෙනුවෙන් 14 ප්ලස් ගිණුම විශේෂයෙන් හඳුන්වා දී ඇත. වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන නව යොවුන් දරුවන් හට දෙමාපියන්ගේ අවසරය මත දිවයින පුරා පිහිටි ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් 14 ප්ලස් ගිණුමක් ආරම්භ කළ හැකිය. 

විශේෂ පහසුකම්/ප්‍රතිලාභ 

ඉහල පොලියක් -

සාමාන්‍ය ඉතිකිරීමේ ගිණුමකට වඩා 0.5%ක පොලියක්  

ATM ජාලයෙන් මුදල් ලබා ගත හැකි හර කාඩ්පතක් 

දිවයින පුරා පිහිටි ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ලබා ගැනීමට මෙන්ම, දවසේ ඕනෑම වෙලාවක අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ද හැකි විශේෂ හර කාඩ්පතක් හිමි වේ.

අන්තර්ජාල බැංකුකරණ පහසුකම

අන්තර්ජාලය ඔස්සේ ඔබගේ ගිණුම් ශේෂය පරික්ෂා කිරීමට මෙන්ම, වෙනත් ඕනෑම අන්තර්ජාල බැංකු ගනුදෙනුවක් සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

දරුවාට වයස අවුරුදු 18 සපිරුණු පසු 

ස්වයංක්‍රියව 18 ප්ලස් ගිණුමක් බවට පරිවර්තනය වේ.

ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි

  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්
  • දෙමාපියන්ගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය දැනට පදිංචි ලිපිනයට වඩා වෙනස් නම් ලිපිනය තහවුරුවක්
  • ගිණුම ආරම්භ කිරීම සඳහා දෙමාපිය අනුමැතිය.(ගිණුම ආරම්භ කිරීමේ මැන්ඩෙට් පතෙහි දෙමාපියන් අත්සන් කළ යුතුය)

 

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය)
වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාර තුමා/තුමිය සමග හෝ  011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.