Bank of Ceylon
Responsive image

ලංකා බැංකුවේ Paymate ගිණුම

ලංකා බැංකුවේ Paymate, බිල්පත් ගෙවීම් මධ්‍යස්ථානවල හෝ බැංකු ශාඛාවල හෝ දිගු පෝළිම්වල රැඳී සිටීමෙන් තොරව, නිවසේ, කාර්යාලයේ හෝ ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් සිය උපයෝගීතා බිල්පත් ගෙවීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනුකරුවන් හට හිමිකර දෙයි. ශේෂය විමසීම් සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට (p2p) මුදල් පැවරීමේ ක්‍රමවේදය සඳහා ද එම පහසුව සහ විශ්වසනීයබව එලෙසින්ම පිරිනමා ඇත. ලංකා බැංකුවේ Paymate පහසුකම නිසා අපගේ ගනුදෙනුකරුවන් අත ඇති ජංගම දුරකථනය දවසේ ඕනෑම මොහොතක පහසු උපකරණයක් බවට පත්ව ඇත.
 

කෙටි පණිවිඩ මගින් ඔබගේ බිල්පත් ගෙවීම් ඉතා පහසුයි

ඔබ කළ යුත්තේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවට ගොස් ලංකා බැංකුවේ Paymate පහසුකම සඳහා ලියාපදිංචි වී රහස්‍ය අංකය ලබා ගැනීම පමණි.

කෙටි පණිවිඩ මගින් බිල්පත් ගෙවන්න අදම පටන් ගන්න

 

ඔබට හිමි ප්‍රතිලාභ

 

  • ශේෂය විමසීම
  • කුඩා ගිණුම් වාර්තාව
  • පුද්ගලයාගෙන් පුද්ගලයාට මුදල් හුවමාරු කිරීමේ පහසුකම
  • ලංකා බැංකුවේ ණය කාඩ්පත් බිල් ගෙවීම්
  • ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන බිල්පත් ගෙවීම
  • එයාර්ටෙල් පසුගෙවුම් බිල්පත් ගෙවීම/ රීලෝඩ් කිරීම
  • ඩයලොග් පසු ගෙවුම් බිල්පත් ගෙවීම / රීලෝඩ් කිරීම
  • ඩයලොග් ටෙලිවිෂන් බිල්පත් ගෙවීම
  • ඩයලොග් CDMA පසු ගෙවුම් බිල්පත් ගෙවීම
  • මොබිටෙල් පසු ගෙවුම් බිල්පත් ගෙවීම/ රීලෝඩ් කිරීම
  • එටිසලාට් පසු ගෙවුම් බිල්පත් ගෙවීම/ රීලෝඩ් කිරීම
  • ලංකා බෙල් පසු ගෙවුම් බිල්පත් ගෙවීම
  • යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ වාරික ගෙවීම
  • ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් ගෙවීම
  • ජාතික ජල සැපයුම් සහ ජලාපවාහන මණ්ඩලයේ බිල්පත් ගෙවීම

ගෙවීම් සඳහා අදාළ ගාස්තු

 

  • බිල්පත් ගෙවීම/ රීලෝඩ් කිරීම රු. 15.00
  • ශේෂය විමසීම රු. 2.00
  • කුඩා ගිණුම් විස්තරය රු. 5.00
  • ණය කාඩ්පත් ගෙවීම් රු. 5.00
  • පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මුදල් පැවරීම රු. 0.5%
  • එයාර්ටෙල් බිල්පත් ගෙවීම - නොමිලේ

*කොන්දේසි සහිතයි

 

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාකාවේ කළමනාකරු හෝ 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

විමසීම් : 011 2204652, විද්‍යුත් තැපැල් : mobilebanking@boc.lk, ෆැක්ස් : 011 2447569


ඉලෙක්ට්‍රොනික බැංකුකරණ ඒකකය,
21 වන මහල, ප්‍රධාන කාර්යාලය,
ලංකා බැංකුව,
කොළඹ 01
දුරකථන : 011 220 4654, 011 220 4659