Bank of Ceylon

රන් සුරැකුම් ණය සේවය 

ඔබගේ රන් භාණ්ඩ සඳහා මිනිත්තු කිහිපයක් තුළ ණය ලබා දීම සඳහා ලංකා බැංකුව රන් සුරැකුම් ණය සේවාව ක්‍රියාත්මක කරයි.

ඔබගේ ඕනෑම පුද්ගලික මුල්‍ය අවශ්‍යතාවක් සඳහා මෙම සේවය වඩාත් සුදුසුවන අතර, ඔබ සතු රන් භාණ්ඩ සඳහා ණය මුදලක් ලබා ගැනීම තුළින් එම භාණ්ඩ ඵලදායී ලෙස ඔබගේ මුල්‍යමය අවශ්‍යතාවන් සඳහා යොදාගත හැකිය.

ඔබගේ රන් භාණ්ඩ සඳහා ණය/බැංකු අයිරා ලබාගත හැකිය.

විශේෂ ප්‍රතිලාභ

  • රාජ්‍ය බැංකුවක පූර්ණ සුරක්ෂිතතාව
  • බාධාවකින් තොර ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය
  • අවම ලිපිගොනු
  • තෝරාගත් ශාඛාවල අමතර සේවා කාලයන්
  • රන් භාණ්ඩවල පවත්නා කැරට් අගය මත ණය මුදල තීරණය වේ.
  • කල් පිරෙන කාල සීමාව තුළ කොටස් වශයෙන් පහසු ගෙවීමේ ක්‍රමවේදය
  • අසීමිත නැවත අලුත් කිරීමේ විකල්ප
  • වෙළඳපලේ පවතින අඩුම පොලී අනුපාත
  • ණය මුදල් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත
  • පිරිසැකසුම් ගාස්තු නොමැත.

*කොන්දේසි සහ රෙගුලාසි අදාළ වේ.

දැනට පවත්නා පොලී අනුපාත, කොන්දේසි සහ රෙගුලාසි පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාව අමතන්න.
අදම ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවට පිවිස, ඔබගේ පුද්ගලික මුල්‍යමය අවශ්‍යතාවන් ඉටුකර දීම සඳහා අප විසින් හඳුන්වා දී ඇති අසමසම සේවා පෙළ අත්විඳින්න.