Bank of Ceylon

රාජ්‍ය සේවක විශ්‍රාමිකයන් සඳහා පිරිනැමෙන ණය පහසුකම

ණය ඉල්ලුම් කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

  • වයස අවුරුදු 67 ට අඩු රාජ්‍ය සේවක විශ්‍රාමිකයෙකු වීම
  • මාසික විශ්‍රාමික වැටුප බැරවන ශාඛාවෙන් ණය ඉල්ලුම් කළ යුතුය
  • මෙම ණය ක්‍රමවේදය යටතේ හවුල් ණය ගැනුම්කරුවන් හට ණය ලබා ගත නොහැකිය.

අරමුණු

  • නිවාස පිළිසකර කිරීම්
  • වෛද්‍ය වියදම් පියවීම
  • සිය දරුවන්ගේ අධ්‍යාපන වියදම් පියවීම
  • විශ්‍රාමිකයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා වෙනත් ඕනෑම නිත්‍යානුකුල අරමුණක් 

ණය මුදල

  • වයස අවුරුදු 60ට අඩු විශ්‍රාමිකයන් සඳහා උපරිමය රු. 500,000
  • වයස අවුරුදු 60ට වැඩි විශ්‍රාමිකයන් සඳහා උපරිමය රු. 300,000

පොලී අනුපාතිකය

  • 14.75% ක වාර්ෂික විචල්‍ය පොලී අනුපාතිකය (අර්ධ වාර්ෂිකව සමාලෝචනය කෙරේ)

මුදල් ආපසු ගෙවීම

  • ණය ගැනුම්කරු වයස අවුරුදු 70 සපිරීමට මාස 3 කට පෙර මුළු මුදල ගෙවිය යුතුය යන කොන්දේසියට යටත්ව උපරිම වශයෙන් වසර 5ක් තුළ ණය මුදල ගෙවිය හැකිය.

සුරැකුම

  • විශ්‍රාම වැටුප ප්‍රේෂණය සඳහා මාසික විශ්‍රාමික වැටුප ගෙවනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය
  • ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විසින් නිකුත් කරනු ලබන කාලීන ක්ෂයණතා රක්ෂණ ප්‍රතිපත්තිය

*කොන්දේසි සහිතයි 

(ණය පහසුකමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය ලංකා බැංකුව සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය හෝ 011 220 4444 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

කළමනාකරු,
පාරිභෝගික ණය ඒකකය,
20 වන මහල, ප්‍රධාන ශාඛාව,
ලංකා බැංකුව,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 01

දු.ක.: 011 220 4522 / 011 220 4563 / 011220 4558,
ෆැක්ස්: 011 2338762