Bank of Ceylon

බැංකු අයිරා 

 

ලංකා බැංකුවේ බැංකු අයිරා වේගවත් ක්‍රමවේදයකට අනුව තරගකාරී පොලී අනුපාත සමගින් පිරිනැමේ. බැංකු අයිරාවක් යනු ඔබගේ මුල්‍ය සංසරණය කළමනාකරණය කිරීම සඳහා භාවිතා කළ හැකි වඩාත් සුදුසුම විකල්පයයි.

එය ඔබගේ ජංගම ගිණුමට සම්බන්ධවන අතර, ඔබගේ සීමාව දක්වා ඔබට අවශ්‍ය තරම් එය භාවිතා කළ හැකිය. අන්තර්ජාල බැංකුකරණ සේවාව ඔස්සේ ඔබට ඔබගේ සීමාව වැඩි කිරීම සඳහා හෝ අඩු කිරීම සඳහා හෝ ඉල්ලුම් කළ හැකිය.

 

ප්‍රතිලාභ

  • බැංකු අයිරාවක් ආරම්භ කිරීම වේගවත් මෙන්ම පහසුය.
  • ඔබට අවශ්‍ය විටෙකදී ඔබගේ මුදල් ලබා ගත හැකිය.
  • ඔබ පොලී ගෙවිය යුත්තේ ඔබගේ අයිරා සීමාව සඳහා නොව, ඔබ ලබා ගත් මුදල සඳහාය.
  • තනි හිමිකරුවන් හට බැංකු අයිරා සඳහා අයදුම් කිරීමට හෝ ඔවුන්ගේ අයිරා සීමාව වැඩිකර ගැනීමට හැකිය.